Celebrity Gossip

කෝටිපති සැමියෙකු සමඟ විවාහවුනු විනූ සිරිවර්ධන අලුත්ම අති සුඛෝපභෝගී නිවසක පදිංචියට යයි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම රූ රැජිනක් විදිහට විනූ සිරිවර්ධන හදුන්වලා දෙන්න පුළුවන්. 1992 මාර්තු 10 වන දින තමයි ඇය ඉපදිලා තියෙන්නේ. ඉතින් මේ වැඩිපුරම රංගන ශිල්පිනියක් විදිහට රටේම ආදරය දිනාගෙන ඉන්න මේ සුරූපී රංගන ශිල්පිනිය 2012 දී ඇය මිස් වර්ල්ඩ් 2012 තරගාවලිය සඳහාද අපේ රට නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පසුගිය කාලයේ ඇයට 2019 නෙල්සන් මෙන්ඩලා සාම සම්මානයද ලබා ගැනීමට හැකිවුණා. ඊට අමතරව ඇය සිකුරාදා හඳ රැදි පැය වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද අපට ඇයව දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇය මේ වනවිට විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන බවනම් අපේ රටේ කාටත් රහසක් නෙමෙයි. ඉතින් ඒ වගේම මේ සුන්දර රංගන ශිල්පිනිය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙක් සමඟයි.

ඉතින් අපි මේ කියන්න යන්නේ විනූ සිරිවර්ධනගේ මේ ආදරණීය පුංචි කැදැල්ලෙන් ඇහුනු තවත් අලුත්ම කතාවක්. ඉතින් ඒ තමයි විනූ සිරිවර්ධන සහ ඇයගේ ආදරණීය සැමියා අලුත් නිවසක පදිංචියට ගිහින් තියනවා. ඉතින් ඒක කොලඹ නගරයේ තියෙන අති සුඛෝපභෝගී නිවසක්. ඉතින් විනූ සිරිවර්ධන අලුත් නිවහනට ගියාට පස්සේ ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඒ බව පවසමින් මෙන්න මේ විදිහටයි සටහනක් එකතු කරලා තිබුනේ. අලුත් තැනක්, අලුත් ආරම්බයක් කියලා. ඉතින් ඒක තමයි විනූ සිරිවර්ධන ආදරණීය සැමියත් එක්ක හා හා පුරා කියලා අලුත්ම සුපිරි නිවසට ගොඩ වුනාට පස්සේ පළකරපු පලවෙනි පෝස්ට් එක. ඉතින් මේක කොලඹ නගරයේ තියෙන අති සුඛෝපභෝගී නිවසක් බව අපි ඔබට කලිනුත් කිවුවා. ඉතින් විනූ සිරිවර්ධන සහ ඇයගේ ආදරණීය සැමියාට සුබ පතන ගමන් ඔවුන්ගේ යුග දිවිය හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.