Celebrity Gossip

උපාධිය ඉවර කලාට තාම ඉගෙනීම ඉවර කරලා නැහැ නළුවෙක් වීම තමයි එකම අරමුණ වුණේ – කෝරළගේ සමන්

කෝරලගේ සමන් කියලා කියන්නේ රංගන ක්ෂේත්රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු මේ දවස් වල සමන් කියනවාටත් වඩා බොහෝ දෙනෙක් කතා කරන්නේ සිකුරා කියන නමින්. ස්වර්නවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍ය තුළ ඔහු රංගනයෙන් දායක වන සිකුරා කියන චරිතය නිසයි. චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස හඳුනාගත හැකි ඔහු ටෙලිනාට්‍ය තුළ පමණක් නොව වේදිකා නාට්‍ය ඔස්සේ ද සිනමා නිර්මාණ ඔස්සේ ද සිය දස්කම් විදහා දක්වනවා. ඉතාමත්ම තාත්වික රංගන පෞරුෂයකින් හෙබි ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී කෝ පිළිබදව බොහෝ දෑ රසිකයන් සමඟ පැවසුවා.

ඔහු පදිංචි වී සිටින්නේ නුවර කොත්මලේ ප්‍රදේශයේ. ඔහු වෘත්තීමය වශයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන අතර ඒ අතරතුර තමයි කලා කටයුතුවල නිරත වන්නේ. මේ වන විට රටේ පවතින ආර්ථිකමය තත්වය හේතුවෙන් රංගනයෙන් පමණක් ජීවත් වීමට අපහසු බවත් තවත් රැකියා දෙක තුනක්වත් කළ යුතු බවත් ඔහු පවසා සිටිනවා. මධ්‍ය වේදියා විසින් ඔහුගෙන් පෙනුම පමණක් රංගනය සඳහා තිබිලා ඇතිද යන්න විමසූ විට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්.

‘ මට හිතෙන්නේ නම් මේ ක්ෂේත්‍රයේ ඇතුලේ පුහුණුවක් පළපුරුද්දක් ඇති බොහෝ දෙනා සිටිනවා. ඒ අය හරියට වැඩ කරන්න උත්සාහ ගන්නවා. පියරු බබාල වගෙ එන්න පුළුවන්. ඒත් පවතින්න බැහැ. පුහුණුව සහ පළපුරුද්ද එක්ක එන හැඩය පසුව හදාගන්න පුළුවනි. එහෙම නැතුව බාහිර පෙනුම විතරක් තියාගෙන ඇතුල හිස් ව ඇවිත් අපට ඒ විෂයය ඇතුළේ ජීවත් වෙන්න බැහැ. ‘

ඉන්පසු මාධ්‍යවේදියා විසින් ඔහුගේ සරසවි ජීවිතය පිළිබඳව ඇසූ විට ඔහු දුන්නේ මෙවන් පිළිතුරක්.

‘ ඇත්තටම මට නළුවෙකු වනවා හැර වෙන අරමුණක් තිබුනෙම නෑ. නලුවෙකු වීමට අවශ්‍ය දේ ඉගෙන ගන්නවා ය යන අරමුණ තමයි තිබුණේ. උපාධිය ඉවර කලාට තාම ඉගෙනීම ඉවර කරලා නැහැ. තව වැඩිදුර ඉගෙන ගැනීමේ අරමුණක් තියෙනවා. කැම්පස් එකේදි මම සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් වැඩ කරමින් යම් දෙයක් දකින්න උත්සාහ කළා. ඒක සරසවිය කියලා වෙනසක් වුණේ නැහැ. ‘

මෙහෙම තමයි ඔහු එහිදී කියලා තිබුණේ. කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.