Celebrity Gossip

දවසක් ආච්චිට උයන්න බැරිවෙලා අපි දෙන්නා මාළු පාන් ගෙඩියක් දෙකට කඩන් කෑවා – කෝකිල පවන්

කෝකිල පවන් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් වනවා. පහුගිය දවස් වල දී ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වු නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ මාලන්ගේ චරිතයට පණ පෙවූ ඔහුට ඉන් පසුව බොහෝ රසික රසිකාවියන් අමතනු ලැබුවේ මනමාලන් කියන නමින්. ඔහුටම ආවේණික වූ කතා විලාසයකින් සහ විලාසිතාවකින් සැරසී රඟදැක් වූ එම චරිතයට ඔහු උපරිම සාධාරණයක් ඉටුකළ බව නම් කිව යුතුමයි. ඒ වගේම තමයි මේ දවස්වල දෙරණ නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන ශක්ති ටෙලි නාට්‍යය තුළ අපට ඔහුව වෙනමම චරිතයක් ඇසුරෙන් දැකබලා ගන්නට පුලුවන් වෙනවා.

ගීත ගායනයටත් එක සේ දස්කම් පාන ඔහු පහුගිය දිනවල දී ඔහුගේ ම ගීතයක් එළිදක්වනු ලැබුවා. ඉතින් ඒ සඳහා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබූ අතරම ඉන් පසුව බොහෝ සංගීත වැඩසටහන් වල පසුබිම් ගායනයට එක් වීමට ඔහුට පුළුවන්කම ලැබුණා. ඉතින් කෝකිල පවන් කුඩා කාලයේ දී පටන් ම තමයි කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ වන්නේ. මේ වන විට ඔහු ආදරණීය ස්වාමි පුරුෂයෙක්. පහුගිය දිනක දී ඔහුගේ විවාහ මංගල උත්සවය ඉතාම උත්සවශ්‍රියෙන් පැවැත්වූ අතර ම ඒ සඳහා බොහෝ කලාකරුවන් පිරිසක් සහභාගි වී සිටි බව අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. ඉතිං ඔබ අප කවුරුත් දන්නා කරුණක් තමයි කෝකිල පවන් කුඩා කාලයේ දී පටන්ම හැදී වැඩෙන්නේ සිය ආච්චි අම්මා සහ සීයා සමඟයි. ඉතිං දිනක් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී තම මිත්තණිය පිළිබඳව සංවේදී වෙමින් ආදරණීය ප්‍රකාශයක් සිදුකළා. ඒ මේ විදියට.

” ඇත්තටම මගේ ආච්චි අම්මට ආච්චි කියනවට වඩා අම්මා කියලා තමයි කියන්න ඕන. අද වන විට ස්ථිර තැනක කෝකිල පවන් කියලා යම් පුද්ගලයෙක් ඉන්නවනම් ඒ හැමදේම මගේ ආච්චියි සීයයි නිසා තමයි. මං පොඩි කාලේ හඬ කැවීම් සිදු කරන්න කොළඹ එන්න ඕන. ඉතින් එතකොට ආච්චි අම්මත් මාත් එක්ක එනවා කොළඹ. අපේ සීයට ඒ දවස් වල පඩිය දවසට 500ක් වගේ ලැබුණේ. ඉතින් අපි කොළඹ එන්නෙ රුපියල් 100කින් වගේ. එක දවසක් මට මතකයි ආච්චිට උයන්න බැරිවෙලා අපි දෙන්නා මාළු පාන් ගෙඩියක් අරන් දෙකට කඩාගෙන කෑවා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය කලා කරුවාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.