Celebrity Gossip

“මම කවදාවත් විවාහ වෙන්නේ නෑ කියන දැඩි තීරණය අරගෙන ඉන්නේ.ආදරය කලාට අයිති කරගන්නම ඕනේ නෑ”

කැලුම් විජේසූරිය කිව්වම අපට මතක් වන පැතිකඩ බොහෝය.ඒ තරමටම ඔහු නිවේදනයටත් රංගනයටත් ගායනයටත් එකසේ දස්කම් පාන ආදරණීය කලාකරුවෙක්.ඔහු මේ දිනවල දී ඔහුගේම යූටියුබ් චැනලයක් පවත්වාගෙන යනවා.මේ දිනවල දී අතර කතා බහට ලක් වන්නේ ඔහුගේ එම youtube චැනලයයි.අනෙකුත් යූ ටියුබ් චැනලයන් අභිබවා රසිකයාට හරවත් යමක් දීමට නිරතුරුවම උත්සාහ කරන කැලුම් විජේසූරිය පසුගිය දා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ කලා ගමන පිළිබඳව පවසා තිබුණේ මෙවන් දෙයක්.

“මම ඇත්තටම මේ youtube channel එක පටන් ගත්තෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි.මොකද මම මීට කලින් ප්‍රධාන පෙළේ බැංකුවක රැකියාවක් කරලා ලොකු ආදායමක් හොයපු කෙනෙක්.ඉතින් ජීවිතයේ ඉතිරි ටික ජීවත් වෙන්න තරම් අවශ්‍ය ප්‍රමාණයේ සල්ලි මට මේ වෙද්දිත් තියෙනවා.ඒ නිසා මම youtube චැනල් එකක් කරන්න ගත්තේ සල්ලි හොයන්න හිතාගෙන නෙවෙයි.නමුත් දැන් මගෙ ලග සංස්කරණ ශිල්පීන් කැමරා ශිල්පීන් වැඩ කරනවා.ඉතින් එයාලගෙ ආදායම් මාර්ගය වෙන්නේ මේක.ඉතින් රැල්ලට නොයා මගේ ගමන මම යනවා.මගෙ videos වලට එන views ගොඩක් අඩුයි. සමාජයෙන් සියයට අසූවක්ම හොයන්නේ හරවත් නැති දේවල් ගැන.නමුත් සියය ට විස්සක් විතර ඉන්නවා හරවත් දේ පිළිබඳව නරඹන අය.ඉතින් එයාලා වෙනුවෙන් තමයි මගේ channel එක තියෙන්නෙ.

අනෙක් දේ තමයි මම කවදාවත් මගෙ program හරහා අනෙක් පාර්ශවය අපහසුතාවයට පත්වන විදිහට කතා කරන්නේ නැහැ.මොකද එයාලගේ පෞද්ගලික ජීවිතය එයාලට අයිති දෙයක්.අවශ්‍ය දේවල් පමණයි මම ඔවුන්ගෙන් අහන්නෙ.සමහර අය මට එයාලා අසාධාරණයට පත් වෙලා ඉන්න හේතුවන අයගෙ නම් පවා මාත් එක්ක කියනවා.ඒ වෙලාවල් වල දී මම සැලකිලිමත් වෙනවා කිසිම කෙනෙක්ට හානියක් නොවන විදිහට මගේ ප්‍රෝග්‍රෑම් එක කරගන්න.නමුත් වෙන කෙනෙක් වුණා නං views බලාපොරොත්තුවෙන් ඒ දේවල් ඒ විදියටම යොදා ගන්නවා.මම කරන දේවල් වල ගුණාත්මක බව තමයි මට ගොඩක් වටින්නේ.ප්‍රේක්ෂකයාගේ ආදරණීය ප්‍රතිචාර මට හොඳටම ඇති.සල්ලි වලට පෙරේතකමින් ආත්මය පාවලා දෙන කෙනෙක් නෙමෙයි මම.

මගේ ජීවිතයෙන් තුනෙන් දෙකක්ම ගෙවිලා ඉවරයි.ඒ උනාට තාමත් ආදර යෝජනා නම් වැහි වැහැලා.මම දැඩි තීරණයක් අරගෙන ඉවරයි මං කවදාවත් විවාහ වෙන්නේ නෑ කියලා.කෙනෙක්ට ආදරය කළාට එයාව අයිති කර ගන්නම ඕනි කියල නියමයක් නැහැ.මට මගේ අසල්වැසියන්ගෙන් යාලුවන්ගෙන් පවුලෙන් ලැබෙන ආදරය හොඳටම ඇති ජීවිතයේ ඉතුරු කාලය ගෙවන්න.” කියල තමයි අවසාන වශයෙන් ඔහු පැවසුවේ.

කැලුම් විජේසූරිය කියලා කියන්නේ ඉතාමත්ම දක්ෂ නිවේදකයෙක් වගේම කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කරපු ආදරණීය කලාකරුවෙක්.ඉතින් ඔහුගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා පතන ගමන්ම නව නිර්මාණ රැසක් ඔහුට කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.