Celebrity Gossip

මම දවස් හතරක් රූම් එකට වෙලා දොර වහගෙන හිටියා හැමෝම කතාවෙන කාවින්ද්‍යාගේ විස්තරේ

අපේ රටේ සමාජ ජාලා නොයෙක් නොයෙක් කාලෙට එක එක trends වලින් පිරිලා යන්නවා සමහර දේවල් හුවමාරු වෙන්නේ මිනිසුන්ගේ ජීවිත ගැන තුට්ටුවකටවත් මායිම් නොකර. සමාජ ජාලා නිසා ඡීවිතය ජයගත්තු මිනිස්සු වගේම. සමාජ ජාලා නිසා ජීවිතය විනාස කර ගත්තු මිනිස්සු ගොඩක් ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ පහුගිය දවස් වල තළු මර මර හුවමාරු වෙච්ච එක වීඩියෝ එකක ඇතුළත වෙච්චි දුක හිතෙන කතාවක් පිළිබඳව.

කලා ලෝකයේ හැමෝම ආදරේ කරන දෙපාරක් හැරිලා බලන්න තරම් සුන්දරත්වයක් තියෙන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියන්නෙ. එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කරලා තමයි ඇය කලා ලොවට අවතීර්ණ වුණේ.

ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් හරහා රසිකයන් අතරට ආපු කාවින්ද්‍යා පසුකාලීනව නිවේදිකාවක් විදිහටත් සිය හැකියාවන් පෙන්නුම් කරා. ඒ වගේම රූපවාහිනී නාලිකා රැසක ටෙලිනාට්‍ය රංගනයටද ඇය එක් වුණා මේ දිනවල අතිශය ජනප්‍රිය කෝලම් කුට්ටම් ටෙලි නාට්‍යයේ ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.

පහුගිය දවස්වල ඇයට මුහුණ දෙන්න වුණේ හොඳ අත්දැකීම් වලට නම් නෙවෙයි. සමාජ ජාලා තුල ඉතාමත් පහත් විදියට ඇය පිළිබඳව කතා කරන්න ගත්තා. ඒ ඇගේ යැයි කියන අතිශය පුද්ගලික වීඩියෝ පටයක් සමාජ ජාල තුලට එක් වීම නිසා හටගත් උණුසුම් තත්ත්වයත් එක්ක. එවැනි අවස්ථාවක කාවින්ද එකට මූනදුන්නෙ හරිම අපූරු විදියට මෑතක අම්මත් එක්ක ආපු රූපවාහිනී වැඩසටහනකට ඇය ඒ පිළිබඳ කිව්වේ මේ වගේ අදහසක්

මට මෑතක ලොකු ප්‍රශ්නයක් වුණා ඒ ගැන මං ලොකුවට කතා කරන්න කැමති නෑ. හැබැයි ඒ ප්‍රශ්නෙදි මට මගේ පවුලේ අය ලොකු හයියක් වුණා. ඒ නිසා මං ගොඩක් පහසුවෙන් ඒ පීරියඩ් එක අමතක කළා. තාත්තා මගේ මූණට කිසිම දෙයක් කතා කලේ නැහැ. එයා ඒ තරම් මට හයියක් වුණා. ඒක මට ඒ තරම්ම වටිනවා.

කාවින්දයා එයාගෙ අත්දැකීම ගැන මාධ්‍යට එහෙම කියද්දී ඇගේ මෑණියන් කිව්වේ මේ වගේ අදහසක්.

මං දන්නවා මගේ දූ කවුද කියන්න ඒ නිසා මං ඒ සිද්ධිය ලොකුවට ගණන් ගත්තෙ නැහැ . මං ගොඩක්ම බය වුනේ දුව මානසිකව වැටිල මොකක් හරි වෙයිද කියලා. මෙයා දවස් හතරක් දොරවත් ඇරියෙ නැහැ රූම් එකේ . දවස් 4ක් කෑවෙත් නෑ තාත්තගෙ මූණ බැලුවෙත් නෑ. ඊට පස්සේ තාත්තා ඇඬුවා.

ඊට පස්සේ කාවින්ද කාවින්දයා positive වෙලා ජීවිතයේ ආපු අභියෝග ජය ගෙන ඉස්සරහට යන්න තීරණය කරා. ඇයගේ කලා ජීවිතය දවසින් දවස සාර්ථක වෙන කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.