Celebrity Gossip

ශලනි අක්කයි මායි නිවුන් සහෝදරියෝ වගේ කියලා හැමෝම කියනවා – කස්තුරි ජයවර්ධන

කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ මෑත කාලයේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇයව අපට බොහෝ music videos තුළත් photoshoot තුළත් වෙළඳ දැන්වීම් තුළත් දැකබලා ගන්නට පුලුවන් වෙනවා. සැප්තැම්බරයේ දිග දවසක් , පෝර්ක් වීදිය, සිරස නාලිකාවේ විකාශනය වන නීල පබළු ටෙලිනාට්‍ය තුළත් අපට ඇයව දැක බලා ගන්නට පුළුවන් වුණා. ඇගේ කුඩා කල සිටම සිහිනය වී තිබෙන්නේ ගුරුවරියක ලෙස සේවය කිරීමයි. ඉතින් ඇයගේ එම සිහිනය යථාර්ථයක් කරමින් පෝර්ක් වීදිය ටෙලිනාට්‍ය තුළ ඇයට ගුරුවරියක් ලෙස රංගනයේ යෙදෙන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඇය මහියංගන ප්‍රදේශයේ ජීවත්වන යුවතියක්. දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කවුරුත් හදුනා ගත් ඇයට රංගනය සඳහා අවස්ථාවක් ලැබෙන්නේ සංගීත් ප්‍රභූ කියන දක්ෂ රංගන ශිල්පියා හරහායි. මේ කෙටි කාලය තුළ ටෙලිනාට්‍ය දහයකටත් වඩා සිය රංගන දායකත්වය ලබා දී ඇයට බොහෝ දෙනා කියන දෙයක් තමයි ඇයගේ හැඩරුව දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි තාරකාගේ හැඩරුවට සමානයි කියලා. ඉතින් මේ ගැන එක්තරා මාධ්‍යවේදියෙකු ඇයගෙන් විමසූ විට ඇය දුන්නෙ මෙවන් පිළිතුරක්.

” ශලිනි අක්කගේ හැඩරුවට මගේ හැඩරුව සමානයි කියලා බොහෝ පේ‍්‍රක්ෂකයින් කියනවා. සමහරු අහනවා මම ශලිනි අක්කා ගේ නිවුන් සහෝදරිය ද කියලා .අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ ශලිනි අක්කා රඟපෑව චරිතයට පසුකාලයේ මාව තෝරා ගත්තේ මගේ රූපය ශලිනි අක්කගෙ රූපයට සමාන නිසා . නමුත් මම හැමවෙලේම උත්සාහ කරන්නේ මට අනන්‍යතාවයක් ගොඩ නඟා ගනිමින් චරිත වලට හැකි උපරිමයෙන් සාධාරණයක් කරන්න. මම කිසිම කෙනෙක්ව අනුකරණය කරන්න යන්නේ නෑ.

ඒ වගේම තමයි ඇය ඉතාමත්ම සරල විදියට ජිවත් වෙන කෙනෙක් කියලාත් කිසිම දෙයකින් ආඩම්බර වන්නේ නැහැ කියලාත් පවසා සිටින අතරම මහියංගණය වැනි දුර බැහැර පෙදෙසක සිට කොළඹ ඇවිදින් රංගන ශිල්පිනියක් වෙලා පේක්ෂකයන්ගෙන් මේ ලැබෙන ආදරය ගැන ලොකු සතුටක් දැනෙන බවත් කියා සිටිනවා. ඉතිං කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.