Celebrity Gossip

මම තනියම ගොඩනඟාගත් ගමනක් පැමිණි කෙනෙක් ඒ නිසා අමුතුවෙන් යමක් කළ යුතු නැහැ – කාංචනා අනුරාධි

කාංචනා අනුරාධි කියන්නේ අද වන විට බොහෝ දෙනාගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් ආදරණීය ගායන ශිල්පිනියක්. යොවුන් ගායන ශිල්පිණියක් වුවත් ඇයගේ කට හඬෙහි ඇති මිහිරි බවත් තියුණු බවත් නිසාම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පැසසුමට පවා ඇය ලක් වනවා. ඒ වගේම රියැලිටි ගායන වේදිකා තරගවලදී ඇයගේ ගීත බොහෝ තරගකරුවන් ගායනා කරන බව අපට දැක ගන්නට පුලුවන් වෙනවා. ඇය බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්තේ උඳුරාවී ගීතය ඔස්සේ යි. මෑත කාලීනව ඇය ගායනා කරන ලද දැනෙනා තුරු මා , හදිසි ද මන්දා ආදී ගීත රසිකයන් ඉමහත් ආදරයෙන් වැලදගත් ගීතයන් වනවා. ඉතින් පසු ගිය දිනක දී ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඇය අදහස් දැක්වූයේ මේ විදියට.

“මේ දවස් වල නම් වගේම සතුටින් වැඩ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපන කටයුතුත් ඒත් එක්කම කරගෙන යනවා. මම මුලින්ම විෂයක් විදිහට කළේ නර්තනය. ඊට පස්සේ තමයි සංගීතය තෝර ගත්තෙ. පාසල් මට්ටමෙන් සමස්ත ලංකා ආදී විවිධ ජයග්‍රහණ ලබා ගන්නට මට පුළුවන් වුණා. ඒ වගේම 2016 දී වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි විවෘත අංශයේ රාජ්‍ය සම්මානය මට ලැබුණා. ඒ ජයග්‍රහණයත් සමඟ විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වීමට මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි මගෙම නිර්මාණ කරලා මම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

බොහෝ දෙනෙක් කියනවා මට තියෙන්නෙ ඉන්දියානු සම්භවයක් ඇති කටහඬක් කියලා. මම කුඩා කල ඉඳන්ම හැම දෙයක්ම ඉගෙන ගන්න උත්සාහ කළ කෙනෙක්. එනිසා හැම styles එකකම ගීත ගායනා කරන්න මට පුළුවන්. වගේම වෙනස් විදිහේ නිර්මාණ කරන්නත් මම ගොඩක් කැමතියි. කලා ක්ෂේත්‍රය තුළට මම එන්නෙ මගේම උත්සාහයෙන් ගොඩනගා ගත් ගමනකින්. ඉතින් ඒ නිසා මගේ අනන්‍යතාව ගොඩනඟා ගන්නට අමුතුවෙන් දෙයක් කළ යුතු නැහැ කියලා මම හිතනවා. මගේ රසික රසිකාවියන් මාව වෙනස් විදිහකට භාරගෙන තියෙනවා. ඒ ඔස්සේ විවිධ නිර්මාණ කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

මේ විදියට තමයි ඇය පවසා සිටියේ. ඉතින් අපේ රටේ ඉන්න දක්ෂ යොවුන් ශිල්පිනියක් වන කාංචනාගේ සියලුම සිතුම් පැතුම් ඇය සිතන ආකාරයෙන් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා