Celebrity Gossip

අම්මා සතුටින් නම් අන්න එච්චරයි ප්‍රශ්න ආවම අපි එකට මුහුණ දෙනවා – අන්ජලී

කේ සුජීවා කියලා කියන්නේ සංගීත ලොව තුල පෙරළිකාර නාද රටා මැවූ අපූරු ගායන ශිල්පිනියක්. ප්‍රසංග වේදිකා වේදිකාව තුළ නැතිවම බැරි චරිතයක් වන ඇය රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරය දිනාගත් ගායන ශිල්පිනියක් බව කිව යුතුමයි. ඉඟිමරන තරු රෑන ගීතය අදටත් ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි ගීතයක් වී ඇත්තේත් ඒ නිසාමයි. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා කේ සුජීවාට අන්ජලී සහ රෝස් නමින් ආදරණීය දියණියන් දෙදෙනෙක් සිටින බව. ඉතාම විනෝදකාමී ව ආදරයෙන් එකිනෙකා ගැන සොයා බලමින් ඔවුන් ගත කරන ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි.

කේ සුජීවා පළමු විවාහයෙන් වෙන් වී තනිකඩ දිවියක් ගත කරන අතරතුර දි තමයි ඇයට ජනප්‍රිය ගායකයෙක් වන අජිත් මුතුකුමාරණ හමුවෙන්නෙ. ඉතිං ඔවුන් දෙදෙනා ඉන්පසු විවාහ දිවියට එළඹෙන අතර ඉතාම සතුටෙන් කාලයක් පවුල් ජීවිතය ගත කළා. නමුත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමු දීමට ඔවුන් තීරණය කළා. ඉන්පසු අජිත් මතුකුමාරණ නැවතත් සිය පළමු බිරිඳ සමග ජීවත් වන අතර කේ සුජීවා දියණියන් දෙදෙනා සමග තනිකඩ දිවියක් ගතකරනවා. ඉතින් ඔවුන්ගේ ජීවිතය තුළ ඇති වූ යම් යම් කටුක අත්දැකීම් ගැන අන්ජලී , සුජීවා සහ රෝස් එකතු වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසලා හිටියා. ඉතින් ඒ ගැන අන්ජලී සිය මතකය අවදි කළේ මේ විදිහට.

” හැම චේන්ජ් එකක් එක්කම අම්මා තව ශක්තිමත් වුණා. දැන් එයා ශක්තිමත්. දැන් එයාට ගේමක් නෑ. ආපු ගැටලු ඔක්කොම එයා විතරක් නෙවෙයි අපිත් හිටියා සීන් එකේ. අපි හැමදෙයක්ම පවුලක් විදිහට ෆේස් කළේ. හොඳ මතකයන් වලට වඩා නරක මතක වැඩී. මායි නංගියි ස්ට්‍රේට්. සමහර දවස්වලට අම්මා ෆුල් හැක් වෙනවා. මොකද අපේ පැත්තෙන් අපි දන්නවා, කොච්චර කැපවෙනවද ආදරේ කරනවද කියලා. සමහර තැන්වලදී අපිට තනියම රියැක්ට් කරන්න ඉන්වෝල් වෙන්න බෑ. හැබැයි අපි අපේ වාසිය ගැන හිතලා එහෙම නෑ. අම්මා සතුටින් නම් අන්න එච්චරයි. ප්‍රශ්න ආවම අපි එකට මුහුණ දෙනවා. එයා දන්නෙ නැති දේවල් වලට අපිට උත්තර දෙන්න පුළුවන්. අන්තිමට ආපු ප්‍රශ්නවලදී නම් සෑහෙන දුකක් වින්ඳා. මේ හොඳට ඉන්නවා හිටපු ගමන් අඬනවා. මේක අවුරුදු දෙකක් එක දිගට ගියා. මම කොහෙවත් ගියෙත් නෑ දාලා බයට. එච්චරටම බයයි. එච්චරටම මානසිකව වැටිලා හිටියේ. මම කිව්වා ඔයා මේකෙන් ගොඩ එනවා කියලා. “

ඉතින් කොහොම වුණත් දැන් නම් ඔවුන් සියලු ප්‍රශ්න අමතක කර ඉතාම සතුටෙන් විනෝදකාමී ව තමයි කල් ගත කරන්නේ. ඉතින් ඒ සතුට හැමදාම ඔවුන් අතර රැඳේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.