Celebrity Gossip

මං කොයිම වෙලාවකවත් දේශපාලනයෙන් වැජඹෙන්න ගියේ නැහැ

ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන රංගනයක් සනිටුහන් කළ යුගයේ ශ්‍රේෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ජීවන් කුමාරතුංග කියල කියන්නෙ.ඔහු රංගන ශිල්පියෙක් වුණත් නිෂ්පාදකවරයෙක් ලෙස ද දේශපාලනඥයෙක් ලෙස ද වර්තමානයේ ඔහු අපට හඳුනාගත හැකියි.ඔහු දේශපාලන පීඨිකාවේ ක්‍රියාකාරී චරිතයක් වුවත් රංගන ක්ෂේත්‍රයේ ඔස්සේ ඔහු පෙන්වූ දක්ෂතාවය නිසාම රංගන ශිල්පියෙක් විදිහට ඔහුට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ ආකර්ෂණය ලැබෙනවා.මාලනි ෆොන්සේකා,සනත් ගුණතිලක ,සබීතා පෙරේරා,වසන්ති චතුරාණි වැනි සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් සමග රංගනයෙන් දායක වූ ජීවන් කුමාරතුංග සිනමාව තුළ රසිකයන්ගේ හදවත දිනාගත් ආදරණීය රංගන ශිල්පියෙක් ලෙස සිනමාව තුළ සිටිනවා.

“තනි තරුව” සිනමාපටය ඔස්සේ සිය රංගන දිවියට පිවිසි ජීවන් කුමාරතුංගයන් ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ ඥාතියෙක් ද වනවා.තනි තරුවේ චිත්‍රපටයෙන් දුෂ්ඨයෙකු ගේ චරිතය රඟපෑව ද රෝයි ද සිල්වා මහතාගේ “හිත හොද පුතෙක්” සිනමාපටය ඔස්සේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වීමට ඔහු අවස්ථාව උදාකර ගන්නවා.ඉන්පසු ඔහුගේ ම නිෂ්පාදනයක් වූ “හිත හොද චන්ඩියා” සිනමාපටය ඔස්සේ ඔහුගේ සියලු පැතිකඩයන් වල චරිතාංග දක්ෂතා දැක්වීමට හැකියාව උදා කර ගත්තා.

“සීතල ගිනිකඳු,පුතණ්ඩියා,මහරජ අජාසත්,දේදුනු වැස්ස,හිත හොඳ පිස්සො,හායි මාස්ටර්,මහින්දාගමනය,සිරි දළදාගමනය” ආදී ගණන් කළ නොහැකි තරම් සිනමාපටයන් වලට ඔහු රංගනයෙන් දායක වී කාගෙත් ආදරේ දිනා ගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූවා.

මේ වන විට ඔහු විවාහ වී සිටින අතර ඔහු විවාහ වන්නේ ෂෙරීන් ප්‍රියංකා සේනාරත්න නම් සුරූපී කාන්තාව සමඟයි.මල්ෂා කුමාරතුංග නම් රුවැති දියණියකගේ පියෙක් වන ජීවන් කුමාරතුංග මේ වන විට දේශපාලන පීඨිකාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා.ඉතින් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී රංගනය සහ දේශපාලනය පිළිබඳව දැරුවේ මෙවන් අදහසක්.

“දේශපාලනය කියන්නේ හරි බැරෑරුම් වගකීමක්.මොකද අපි නිරන්තරයෙන් මිනිසුන්ගේ දුක හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට නිරන්තරයෙන් ඇප කැපවී මහන්සි වෙන්න ඕන.මම කොයිම වෙලාවකවත් දේශපාලනයෙන් වැජඹීමට උත්සාහ කළේ නෑ.කොයිතරම් දේශපාලනයේ බලවතෙකු වූවත් මම තාමත් ප්‍රිය කරන්නේ රංගනයට.මම රංගනය ඉතා විශාල සතුටක් මෙන්ම තෘප්තියක් ලබනවා.ඒ නිසා අදටත් මම ආදරේ කරන්නෙ මගේ කලා ජීවිතයට” කියලා තමයි ඔහු පවසා සිටියේ.ඉතිං සිංහල සිනමාවට මෙන්ම දේශපාලනයට විශාල මෙහෙවරක් සිදු කළ ජීවන් කුමාරතුංගයන්ට ඉදිරි අනාගත කටයුතු සඳහා සුබ පතනවා.