Celebrity Gossip

අතහැර දාපු දේ කොතෙකුත් තිබුණත් මම තෝර ගත්ත දේ හරි කියලා මම හිතෙනවා – ජීවන් කුමාරතුංග

රිදී සිනමාව අතික්‍රමණය කළ අති දැවැන්තයකු වශයෙන් හඳුන්වන්නට පුළුවන් ආදරණීය රංගන පෞරුෂයක් තමයි ජීවන් කුමාරතුංග කියලා කියන්නේ. හොඳම සහය නළුවා සරසවි සම්මානයෙන් සහ කුසලතා සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට හැකියාව ලැබුණු මේ අති දක්ෂ රංගධරයා කෙළිමඬල, තුන්වෙනි ඇහැ, සත්‍යාදේවි , ජය සිකුරුයි, ඔබට දිවුරා කියන්නම්, නැවත හමුවෙමු, සුරදූතියෝ, රූමතියයි නීතියයි, ප‍්‍රාර්ථනා නැව ගිලූ‍නත් බෑන්චූන්, මමයි රජා, නොම්බර 17, ඔක්කොම රජවරු, හොඳ හොඳ සෙල්ලං, රජදරුවෝ ආදී සිනමා නිර්මාණයන් රැසකට සිය රංගන දායකත්වය ලබා දෙමින් ජනතාවගේ ඉහළම ප්‍රතිචාර මැද රංගන ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම පැමිණීමට වාසනාවන්ත වුණා. ඔහු රංගන ශිල්පියෙක් පමණක් නොව චිත්‍රපට නිෂ්පාදක වරයෙක් වශයෙන් ද ජීවා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් ද ක්‍රියාකාරී ප්‍රබල දේශපාලඥයෙක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා. ඉතිං රිදී තිරය අතික්‍රමණය කරමින් කාගේත් ආදරය සහ ගෞරවය දිනාගත් මේ ආදරණීය චරිතය පිළිබඳව අද අප කතා කරන්නට සිතුවා. ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළ දී ඔහු පිළිබඳව අප නොදත් බොහෝ දේ පිළිබඳ කථා බහක නිරත වුණා.

එහිදී මාධ්‍ය වේදීයා විසින් ඔහුගේ ආගමනය තුළ ලැබුණු හැම චරිතයක්ම සතුටු සිතින් බාර ගත්තද යනුවෙන් ඇසූ පැනයට පිළිතුරු දුන්නේ මේ විදියට.

“මට සිනමාව තුළ එදා ලැබුණේ වානිජ දාරාව තුළ නිර්මාණ. ඒවායින් මම තෝරගත්තේ මට ඕනෙ දේ විතරයි. අතහැර දාපු දේ කොතෙකුත් තිබුණා. මම හිතනවා මම තෝරගන්න දේ හරි කියලා මොකද ඒ සියල්ල පාහේ අතිසාර්ථක වුණ නිසා මගේ තේරීම නිවැරදියි කියල හිතනවා.”

ජීවන් කුමාරතුංගයන් එවකට බොහෝ දෙනාගේ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූයේ දුෂ්ට චරිතයන් හරහා වීම විශේෂත්වයක්. ඉතින් ඒ පිළිබඳව ඔහු සිය මතකය අවදි කළේ මේ විදියට.

“මම සිනමාවට ආපු අවධියේ කර්මාන්තය තුළ මාව තෝරා ගත්තේ දුෂ්ට චරිතයට. ඒ අවධියේ කීප අවස්ථාවකදී උත්සාහ කළා දුෂ්ටයා තුළ වෙනසක් ඇති කරන්න. උදාහරණයක් වශයෙන් ප‍්‍රාර්ථනා චිත‍්‍රපටය තුළ විශේෂ පරිසරයක් හැදුවා. දුෂ්ටයාට චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා හා කතා කරගෙන මට අවස්ථාව දෙන්න සින්දුවකට කියලා. එතකොට අධ්‍යක්ෂවරයාට ප‍්‍රශ්නයක් වුණා දුෂ්ඨයාට කොහොමද සින්දුවක් කියන්නේ කියල. නමුත් ඔවුන් මගේ ඉල්ලීමට අවස්ථාවක් දෙමු කියල තමයි මැණික් කුරුකුලසුරිය සමඟ සින්දුවක් දුන්නේ. එකෙන් පස්සේ මම දුෂ්ටයාට විසිල් ගහන පරිසරයක් හදාගත්තා. මට චිත‍්‍රපට 15 විතර දුෂ්ට චරිත ලැබුණා. වේදිකා නාට්‍ය පහ හයක විතරයි මට රඟපාන්න ලැබුණේ. ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න සිදුවුණා. පුහුණුවීම් කරන්න. සිනමාවේ කාර්ය බහුලත්වයක් සමඟ මට පැය විසි හතරක් මදි වුණා. දවසට චිත‍්‍රපට දෙක තුනේ වැඩ කළා. ඒක නිසාම වේදිකාව මට අතහරින්න සිදුවුණා. අකැමැත්තෙන් වුණත්.”

මේ විදියට තමයි ඔහු ඔහුගේ අතීත මතක ආවර්ජනයන් පිළිබඳව මාධ්‍යවේදියා සමඟ පවසා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගධරයාගේ සහ දේශපාලනඥයාගේ සියලුම වැඩ කටයුතු ඔහු සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.