Celebrity Gossip

කලාවේ මහා පුස්තකාලය මැකී යාමේ අවදානමක ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳ අලුත්ම ආරංචිය

ජැක්සන් ඇන්තනී මහත්මයා කියන්නේ අපේ රටේ කලාවේ මුදුන් මුලක් . ඔයාලා අපි හැමෝම දන්නවා එතුමාට සිදුවුන හදිසි අනතුරක් නිසා දැන් එතුමා ගත කරන්නේ රෝහල්ගතව සිහිසුන්ව ඇදක් මත මෙම අනතුර නිසා එතුමාගේ හිසේ පිටුපස කොටසට තමයි හානි වෙලා තියෙන්නෙ . හදිසි අනතුර වෙලා පැය කිහිපයක් යන්නට මත්තෙන් එතුමාව රෝහල්ගත කරා .මෙ වන විටත් එතුමා කොළඹ ජාතික රෝහලේ තමයි ප්‍රතිකාර ලබන්නෙ. එතුමාගේ ප්‍රතිකාර කරන හෙදියක විසින් සමාජ ජාල වෙත එකල තිබූ සටහනක් නිසා අපිට දැන ගන්නට ලැබුණේ ශෝචනීය කතාවක්. ඒ තමයි ජැක්සන් ඇන්තනී මහත්මයාගේ මතක ශක්තිය හීන වේගන යනව කියන ආරංචිය

දීර්ඝ කාලයක් සිහිසුන් වෙලා ඉන්නකොට මොළේට ගමන් කරන ඔක්සිජන් හා රුධිර ප්‍රමාණය පහළ වැටීම නිසා නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරනවා. එයට දැන්ටමත් ප්‍රතිකාර ලබා දෙමින් ඉන්නවා. තවද එකම ඉරියව්වකින් දීර්ඝකාලීනව සිටීම නිසා පිටුපස ප්‍රදේශයෙ තුවාල . එහෙම නැත්නම් ඇද ඇති වීමට ඉඩ වැඩි බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

අපේ රටේ කලාවේ පුස්තකාලයක් බඳු ජැක්සන් ඇන්තනී මැතිදුන්ට ඉක්මනින් සුව වි ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු . ඒ වගේම එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ටත් සියලු ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.