Celebrity Gossip

යුධ හමුදාවෙ හිටිය නම් මේ යන්නේ මගෙ 19 වෙනි අවුරුද්ද – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ දවස් වල අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. උදයකාන්ත වර්ණකුලසූරියගේ අලුත්ම සිනමා නිර්මාණය වූ ගිනි මල් පොකුරු චිත්‍රපටයේ ඔහු රඟ දක්වන රංග කියන චරිතය නිසාම බොහෝ දෙනෙක් මෑත කාලීනව ඔහු ගැන කතා කරන්නට පටන් ගත්තා. මෙම සිනමා පටය වැඩිහිටියන්ට පමණයි ගණයට අයත් වුවත් එය තුළින් සමාජයට මහගු පණිවිඩයක් ලබා දෙන බව නම් කිව යුතුමයි. ඉතින් පසුගිය දිනක දී ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව නොදත් බොහෝ කරුණු රසිකයා සමග පැවසූයේ පැවසුවේ මේ විදියට.

ඇත්තටම මෑතකදී තිරගත කළ ගිනි මල් පොකුරු සිනමාපටයේ රංග කියන චරිතයට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම වැඩිහිටියන්ට පමණයි ගණයේ නිර්මාණ වලට පමණක් කොටු වෙලා නැහැ. රඟපාපු සිනමා නිර්මාණ 15ක් ගත්තොත් පහළොවෙන් දෙකයි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ රඟපාලා තියෙන්නේ. වැඩිහිටියන්ට පමණයි ද කොමඩි චිත්‍රපටයක් ද වාණිජ ද කලාත්මක ද කියන කුමන පැතිකඩ ඔස්සේ වැඩකරනවා ද කියලා නැහැ. නිර්මාණාත්මක වටිනාකමත් එක්ක මට ලැබෙන චරිතයත් එක්ක ඉන් මගේ රංගන ජීවිතය කෙසේ පෝෂණය වනවා ද එයින් කලාවට වන පෝෂණය කොහොමද යන කාරණා සැලකිල්ලට ගෙන තමයි මම නිර්මාණවල රංගනයෙන් දායක වෙන්නේ.

ඇත්තටම මම කලින් යුද හමුදාවේ සේවය කරපු කෙනෙක්. රඟපාන්න තිබුණ ආසාව නිසා තමයි හමුදාවෙන් ඉවත් වුණේ. ඒක මගේ දෛවය වෙන්න ඇති. යුද හමුදාවේ හිටියා නම් මේ මං සේවය කරන 19 වන අවුරුද්ද. එහෙම වුණා නම් අවුරුදු 20ක සේවය සම්පූර්ණ කරලා ලබන 2023 අවුරුද්දේ දී යුද හමුදා නිලධාරියෙක් විදිහට විශ්‍රාම යන්නත් තිබුණා. ඇත්තටම හමුදාවෙන් අයින් වෙලා රංගන ශිල්පියෙක් වීම සම්බන්ධයෙන් මම සියයට සියයක්ම තෘප්තිමත් වෙනවා. කිසිම පසුතැවීමක් නැහැ. ඒ වගේම යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක් වීම ගැන මම ආඩම්බර වෙනවා විතරක් නෙවෙයි හිස නමලා යුද හමුදාවට අදටත් මම ආචාර කරනවා.

මේ විදිහට තමයි ඔහු එහිදී පවසා තිබුණේ. ඉතින් මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තරින්දි සමඟ විවාහ ගිවිසගෙන සිටින ඉසුරුගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.