Celebrity Gossip

මම තාත්තගේ දුව කියලා මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ – ඉෂාරා අතුකෝරල

ඉෂාරා අතුකෝරල කියලා කියන්නේ මේ දවස්වල කාගේත් ආදරය දිනාගත් ආදරණීය නිවේදිකාවක්. ඇයට ගොඩක් දෙනෙක් ආදරේට කතා කරන්නේ ඉෂී කියන නමින්. ඉතින් ඇය ගැන කතා කරද්දි කතා නොකරම බැරි චරිතයක් තමයි ඉෂාරගෙ ආදරණීය පියාණන්. ඒ තමයි ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන චරිතාංග රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරල මහතා. ඉතින් ඔහුව අපිට මේ දවස් වල පාරදිගේ ටෙලි නාට්‍යයේ බන්ටිගේ තාත්තා විදිහට දැක බලාගන්නට පුළුවන්. ඉතින් පසුගියදා ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව අප නොදන්නා බොහෝ කරුණු කියා පෑවේ මේ විදිහට.

“උසස් පෙළ ඉවර වුණාට පස්සේ මම රංගනයෙන් දායක වුණා ආත්මා කියන නාට්‍යයේ. ගයාන්-චතුරිකා තමා ඒ නාට්‍යය කළේ. මම හිටියේ ගයාන් අයියගේ නංගි විදියට. ඒක අන්ධ චරිතයක්. ඒ වකවානුවේ හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට පස්සෙත් ආරාධනා ලැබුණා. ඒ දවස්වල ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. දැන් මම නිවේදනයෙන් සහ නිරූපණ කටයුතුත් කරන නිසා හොඳ චරිතයකට හොඳ නිර්මාණයකට ආරාධනාවක් ආවොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා.

මම ආනන්ද අතුකෝරලගෙ දුව කියලා නොදන්නා අයත් ඉන්නවා. ඔය කොෆි වැඩසටහන ඉවර වෙලා කතා කරන කොට මම කිව්වම තමා ආනන්ද අතුකෝරලගේ දුව කියලා දන්නේ. මම තාත්තා එක්ක ෆොටෝ එකක් දැම්මම හරි ටික් ටෝක් එකක් හරි කළාම දන්නවා මම එයාගේ දුව කියලා. ඒ හැර ඉෂි කියන නමින් මාව දන්නා පිරිසක් ඉන්නවා. මම තාත්තාගේ දුව කියලා මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. නමුත් දැන් මම නිවේදනයෙන් හෝ නිරූපණයෙන් දායක වෙනවා දකිද්දී තාත්තා ගොඩක් සතුටුයි. මගේ හැම වැඩසටහනක්ම මග නොහැර තාත්තා බලනවා. මගේ ලෝකේ වීරයා තමයි මගේ තාත්තා. මං කවදහරි බඳින්නෙ තාත්තා වගේ ගතිගුණ තියෙන කෙනෙක්ව “

මේ විදියට තමයි ඇය එහිදී කියලා තිබුණේ. ඉතින් ඇයගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.