Celebrity Gossip

මේකප් නැතුව තමයි මං රඟපාන්නේ මට ජීවිතයේ තියෙන්නේ එකම එක බැඳීමයි – ඉෂංකා අබේසේකර

ඉෂංකා අබේසේකර කියලා කියන්නේ මේ දවස් වල ලංකාවේ ටිකක් කතා බහට ලක්වන චරිතයක්. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමල්දිනීගේ චරිතය හරහා මේ දිනවල දී රසික හමුවට එන ඇය වැඩි වශයෙන්ම ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ චන්ද්‍රපාණී ගීතය ඇසුරෙනුයි. උතුරු ඉන්දීය මලයාලම් පෙනුමකට හිමිකම් කියන ඇය ඇත්තෙන්ම ඉතාම සුරූපි රංගන ශිල්පිනියක් වනවා. Music videos හරහාත් වෙළෙඳ දැන්වීම් හරහාත් photoshoot හරහාත් අපට ඇයව මේ දවස් වල දැක ගන්නට පුලුවන් වෙනවා. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී අප නොදත් බොහෝ දෑ පිළිබඳව පවසා සිටියා.

ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වාසව බදුගේ මහතාගේ චන්ද්‍රපාණී ගීතය ඔස්සේයි. ඇය පවසන විදියට ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ඒකලු. මුහුණු පොතට ඇය පළ කළ එක්තරා ඡායාරූපයක් නිසා තමයි ඇයට එම අවස්ථාව උදා වෙන්නේ. ඉන්පසුව ඇය international සහ බන්ධනා කියන ටෙලිනාට්‍ය දෙකෙහි රංගන දායකත්වය ලබා දෙනවා. රංගන ක්ෂේත්‍රය ඔස්සේ පමණක් නොව ඇය මේ වන විට ව්‍යාපාරික කාන්තාවක් ද වනවා. ඇයගේ නමින් ම ව්‍යාපාරයක් කරගෙන යන ඇය මනා කළමනාකරණයකින් යුතුව තමයි රංගන වැඩ කටයුතු බාර ගන්නවා කියන්නේ. ඉතිං ඇය පවසන විදිහට ඇයට කුඩා කාලයේ පටන් රඟපෑමට කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නැහැලු. නමුත් කුඩා කල පටන් සිනමාවට තිබුණු ආසාව ඇයට මේ තැනට එන්න උපකාරී වෙන්න ඇති කියලා තමයි ඇය කියා සිටින්නේ.

ගොඩක් දෙනෙක් පවසනවා ඇය මලයාලම් නිළියකට සමානයි කියලා. ඉතිං ඒ ගැන ඇය අදහස් දැක්වූයේ මේ විදියට.

” චන්ද්‍රපාණි නිර්මාණය දැකපු බලපු හැමෝම හිතලා තිබ්බේ මම ලංකාවේ කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම මගේ මුහුණේ ඉරියව් මලයාලම් සිනමාවේ නිළියන්ට සමාන බව බොහෝ දෙනෙක් පවසනවා. පසුගියදා මම දායක වුණු ‘කන්මණී’ කියන photo shoot එක දැකපු හැමෝමත් ඒ කතාවම කිව්වා. මම නිර්මාණයක් කරනවිට මේකප් භාවිත කරන්නේ නෑ. නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් දකින්නේ ඇත්තම මාව. මම හරිම ආදරෙයි මගේ පවුලට. මට ජීවිතේ තිබෙන්නේ එකම බැඳීමයි. ඒ මාව පොඩිකාලෙ ඉඳන් හදාගත්ත මගේ ආච්චි අම්මා සමඟ තිබෙන බැඳීම. මම ආච්චි අම්මට අම්මා කියලයි කියන්නේ. මම මගේ පණ වගේ ආදරෙයි ආච්චි අම්මට. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.