Celebrity Gossip

ප්‍රශ්නයක් වුනා ප්‍රශ්නෙ විසඳගත්තා නදී රාජ් යළි බුකියම අවුලයි කොහොම ඉරිසියාවක්ද තිබිලා තියෙන්නෙ

නදී රාජ් කියලා කියන්නේ පහුගිය කාල වකවානුවේ දී සමාජ මාධ්‍ය ජාලා තුළ කාගේත් අවධානය දිනා ගත් යුවලක්. උපතින්ම තරුණියක් වන රාජ් ඉන්පසුව ශරීරයේ ඇති වූ හෝමෝන වෙනස්කම් නිසා තරුණයෙක් බවට පත්වීමට තීරණය කරනවා. ඒ ඇයගේ පෙම්වතිය වන නදීගේත් සහය ඇතුවයි. ශ්‍රී ලංකාව තුළ මෙවැනි විවාහයන් සම්මත නොවන මුත් ඔවුන් දෙදෙනා පෝරු මස්තක නැග ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් සිය විවාහ මංගල උත්සවය ගැනීමට තීරණය කරනවා. ඉතින් එය අපට අමුතු විවාහයක් ලෙස පෙනුනත් ඔවුන් අතර ඇත්තේත් අප සියල්ලටම දැනෙන ආකාරයේ ආදරයක් පමණි.

ඉතින් ඉතාමත්ම ආදරයෙන් සහයෝගයෙන් යුතුව වසර ගණනාවක් පවුල් ජීවිත ගත කළ මොවුන් දෙපළ පහුගිය දවස්වල කාගේත් කතාබහට ලක් වූයේ ඔවුන්ගේ විවාහය දෙදරා ගිය පුවතක් සමාජ මාධ්‍ය තුළ සැල වීම නිසයි. රාජ් නිරන්තරයෙන් ම විවිධාකාරයේ සටහන් සිය මුහුණු පොත තුළ පළ කළ නිසාම බොහෝ රසිකයන් සිතා සිටියේ ඔවුන්ගේ විවාහය දෙදරා ගොස් ඇති බවයි. නමුත් ඊයේ දින නැවතත් ඔවුන් දෙපළ කතාබහ කොට එක් වී සිටිනවා. ඉතින් ඒ ගැන වැඩිදුර තොරතුරු රාජ් සහ නදී සිය මුහුණු පොත තුළ තුල මෙලෙස සටහන් කරලා තිබුණා.

” With my beauty Queen දැන් හරිනෙ? මොනව වුනත් Husband & Wife හොද වෙනව කියන්නෙ ඔන්න ඕකයි. ප්‍රශ්නයක් වුන නිසා කාගෙ කාගෙත් හැටි හොඳට තේරුම් ගත්තා. බලන් ඉදල තියෙන්නෙ වෙන් වෙනකල්ම. කොහොම ඉරිසියාවක්ද තිබ්බෙ කියල තේරුණේ දැන්. අපේම නයි අපිවම කයි කියන්නෙ ඔන්න ඕකට.. අපි මැරෙන්නයි බෑ කියල චූන් වෙච්ච ගෝතයන්ට කියන්නෙ කිරි පණුවගෙ Master Plan එක නිසානෙ හැම එකම Record කරන් හැම දේම Video කරන් සාක්ශි එකතු කරල තියෙන්නෙ Wife ගෙ ගෙදර අයට ඒව පෙන්නල මාව නරක මිනිහා කරල Raj ට නම් දෙන්න එපා මටත් එපා හොද කෙනෙක්ට බන්දල දෙන්න කිව්වෙ…. Comments දාපු Public Key board වීරයොත් ආපහු මට Msg කරන්න එපා තමන්ගෙම උන් තමන්ගෙ එකෙක්ට ඔච්චර ගරහනව දැක්කමයි මේක ඉතින් ලංකාවනෙ මනුස්සයෙක්ගෙ ජයග්‍රහණයන් දරාගන්න බැරුව හූල්ල හූල්ල විඳවන්න එපා අපහාස කරන්න එපා ලැජ්ජ කරන්න හදන්න එපා ආදරෙන් ඉන්න පවුල් ජීවිත විනාස කරන්නත් හදන්න එපා…. ඉතුරු ටික මම කියන්න අවශ්‍ය නෑ Nadee කියාවි… අපි දෙන්නා තවමත් එකට…. විවාහය දෙදරා ගිහිල්ල නම් නෑ… ප්‍රශ්නයක් වුනා ප්‍රශ්නෙ විසඳගත්තා ” ඒ වගේම නදීත් ඒ සම්බන්ධව මෙලෙස සටහනක් එක් කරලා තිබුණා.

” මොන දේ උනත් කොයි විදියට අපි අපේ විතරයි ඒක වෙනස් වෙන්නෙ නෑ කවදාවත්ම ඒත් ගොඩක් දේවල් තේරුම් ගියා මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මට මගේ රාජ් තරම් වටින වෙන කිසිවක් නෑ ඒක අපි දෙන්නටම තේරුම් ගන්න බැරුව දෙන්නම ආදරේ වැඩි කමට සැක කරා මොකද මේ ආදරේ නැති කරගන්න දෙන්නම බය නිසා වීඩියෝවකින් හමුවෙමු “

ඉතින් කවුරුත් ආදරය කරන මේ දෙපළගේ සියලු ගැටළු විසඳාගැනීම රසිකයන් විදිහට අපට සතුට ගෙන දෙන්නක්. ඉතින් ඔවුන්ගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.