Celebrity Gossip

අපේ ගෙදරට යන පාර මට මතක නෑ. මෙච්චර කාලෙකට මට කවුරුත් අයුතු බලපෑම් කරලා නැහැ – අංජලී ලියනගේ

කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියලා කියන්නේ. බොහෝ ටෙලි නිර්මාණ තුළත් සිනමා නිර්මාණ තුළත් වේදිකා නාට්‍ය නිර්මාණ තුළත් අපට ඇයව දැක බලා ගන්නට පුලුවන් වෙනවා. මේ වන විට ආදරණීය බිරිඳක් මවක් විදිහට සිය යුතුකම් සහ වගකීම් එලෙසින්ම ඉටු කරන ඇයට පුංචි තිරය තුළ බොහෝ වෙලාවට ලැබෙන්නේ මවකගේ චරිතයන් වීම විශේෂත්වයක්. ඉතින් ඒ ගැන ඒ කියා සිටියේ මවකගේ චරිතවලට ඇය උපරිම සාධාරණත්වය ඉටු කරන නිසා එවැනි චරිත දිගින් දිගටම ලැබෙන්නට ඇතැයි කියායි. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කලා ක්ෂේත්‍රය පිළිබඳවත් එහි සිටිය යුතු ආකාරය පිළිබඳවත් රසිකයා සමග අදහස් දක්වා සිටියේ මේ විදියට.

” මේක ගොඩක් ගෞරවනීය ක්ෂේත්‍රයක්. ඉතිං මේ තැනට ඇවිල්ලා හරි විදියට ඉන්නවා නම් කවුරුත් අයුතු බලපෑම් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ එහෙම දේවල් වෙනවද කියලා. හැබැයි මට කවුරුත් එහෙම අයුතු බලපෑම් කර නැහැ.අපි ඉන්න විදියත් එක්ක, කතා කරන විදියත් එක්ක, අපි පාඩුවේ ඉන්නව නම් කවුරුත් අපිට එහෙම දෙයක් කියන්නේ නැහැ.මට ඒ වගේ බලපෑම් කියලා දෙයක් ඇවිත් නැහැ.

ඒ වගේම තමයි ඇයට ක්ෂේත්‍රයේ තරහා කාරයෝ නොමැති බව කියන ඇය ඒ ගැන කියා සිටියේ මේ වගේ දෙයක්.

” ඇත්තටම මම දන්නේ නැහැ මාත් එක්ක තරහවක් තියෙන අය ඉන්නවද කියලා. මම දැනුවත්ව මට තරහකාරයෝ නැහැ. මම කා එක්කවත් තරහ නැහැ.මම කාත් එක්කවත් කිසිම ප්‍රශ්නයක් ඇති කරගෙනත් නැහැ. හැමෝමත් එක්ක ගොඩක් හිතවත්. සාමාන්‍ය කාන්තාවක් සතුව තියෙන්න ඕන ආඩම්බරකම තියෙනවා. නමුත් මම හැමෝමත් එක්කම ගොඩක් සුහදයි. මම දාගෙන තියෙන නීතියකුත් නෙමෙයි. මම කැමැති අකැමැති දේවල් තියෙනවා නේ. යන්නම ඕන තැනකට යනවා මිසක් එහෙම අනිත් දේවල් වලට යන්නේ නැහැ.

ඒ වගේම තමයි ඇය ඇගේ පුද්ගලික ජීවිතය තුළ සිදුවන හරි අපූරු දෙයක් පවසා සිටියා. ඒ තමයි ඇයට ඇගේ නිවසට යන පාර අමතක වන බව. ඉතින් ඒ ගැන ඇය කිව්වේ මේ වගේ දෙයක්.

“අපේ ගෙදරට යන පාර මට අමතක වෙනවා. කවුරුහරි මගෙන් පාර ඇහුවොත් මම මගේ husband ට ෆෝන් එක දීලා ගෙදරට එන පාර කියවනවා. මට මතක ගෝන මඩිත්තට විතරයි.”

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.