Celebrity Gossip

ජීවිතේ වෙනස් කිරීමට යන්නෙ තත්පර 10කටත් අඩු කාලයක් මහමඟදී චූලාක්ෂි කල අපූරු පිංකම

ගිනිමල් පොකුරු සිනමාපටය ඔස්සේ කාගේත් ආකර්ෂණය දිනා ගත් ආදරණීය රංගන ශිල්පිනියක් තමයි චූලාක්ෂි රණතුංග කියලා කියන්නේ. ඇය ඉන් පෙර සිනමා නිර්මාණ ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන් අතර ඒවත් ඉතාමත්ම උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සිනමාහල් තුළ විකාශය වූවා. ඇය රූ රැජින තරගාවලියෙන් ජයග්‍රහණය ලබා ගෙන ඇති සුරූපී යුවතියක් වීමත් විශේෂත්වයක්. නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට වැඩ කටයුතු කරගෙන යමින් සිටින ඇය පහුගිය දිනක දී මහ මගදී හරි අපූරු පිංකමක් සිදු කරලා තිබුණා. ඇය සිදු කළ එම අපූරු පිංකම පිළිබඳව සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමෙ සටහනක් තැබීමටත් ඇය අමතක කරලා තිබුණේ නැහැ. ඒ මේ විදියට.

” මේ කාලයේ මග තොට ගමන් කරද්දී මෙවැනි සිද්ධි වලට ඔබත් මුහුණ දී ඇති. ඒ නිසා මම අත්විදි මේ අත්දැකීම ඔබත් සමග මෙහෙම බෙදාගන්න හිතුවා. පසුගියදා මම නාවල ප්‍රදේශය හරහා ගමනක් යමින් සිටින විට, ඒ අතරමග මහමග ඇති වූ යම් ආරවුලක් නිසා විනාඩි 20ක පමණ මාර්ග තදබදයක් නිර්මාණය වී තිබුණා. කිසිවක් කර කියා ගත නොහැකිව අවට බලන මගේ නෙත ගැටුණේ වැසි වසින මොහොතක පවා වැසි නොතකා අවට තියෙන කැලි කසල එකතු කරන වයොවෘද්ධ පුද්ගලයෙක්. මම ඇහුවා, මේ කුණු එකතු කරන්නෙ ඇයි කියා, ඔහුගේ පිළිතුර වුණේ අවට තියෙන කැලි කසල ටික එකතු කිරිම සිදුකරන බවයි. කාලා ද ඉන්නෙ ඇහුවම ඔහුගේ පිලිතුර වුණේ තවම කුසගින්න නිවාගන්න ආහාරයක් නොලැබුණ බව. ඒ නිසාම ළගම තිබ්බ කඩයකින් කුසට අහරක් ලබා දෙන්න මම කටයුතු කළෙමි.

වැස්සට තෙමි තෙමී ඉන්න නිසා යන්න ට ගෙදරක් හෝ ඉන්නට අම්බලමක් තිබෙනවද කියා විමසූ විට ඔහු දුන් පිලිතුරින් මා කම්පනයට පත්විය. මන්දයත් ඔහුගේ පිළිතුර ඉන්නට තැනක් නැති බවයි. මේ වයෝවෘද්ධ මිනිසා දවස ගෙවාදමන්නෙ මහමග තිබෙන කඩපිල්මතයි. මේ වැසි කාලය නිසා හිසට නිවහනක් නැත්නම් අඩුම තරමේ නොතෙමී ඉන්නට ඔහුට කුඩයක් හෝ ඇත්දැයි විමසූ විටත් ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි.

කිසිවක් කර කියාගත නොහැකිව මා අවට බැලුවේ ඔහුට යම් පමණකින් හෝ නොතෙමී ඉන්නට කුඩයක් අරන් දිය හැකි තැනක් තිබේද යන්න. නමුත් මා දැඩි මාර්ග තදබදයකට හසුවී සිටි නිසා ඒ අවට කුඩයක් ගත හැකි තැනක් නොවීය. නමුත් මගේ වාහනයේ මගේ මිතුරියක් මා හට තෑගි දුන් මා ආසම කරන කුඩයක් විය. ඔහුට මේ මොහොතේ කළ හැකි එකම දේ එම කුඩය දීම පමණක් බව පසක් වූ නිසාම දෙපාරක් නොසිතා මම ඔහුට ඒ කුඩය ඔහුට දුනි.

එය දුටු විගස ඔහුගේ මුහුණට නැගුණ සතුට මට විග්‍රහ කළ නොහැක. එතරම් ඔහු ඉන් සතුටට පත්වන අයුරු දුටු මසිතටත් නිතැතින්ම සතුටක් එක් විය. ජීවිතේ දී තවත් කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් කළ හැකි බොහෝ ඇත. එය පුංචිම දෙයකින් වුව කළහැක. මම අද මේ කතාව ඔබත් එක්ක බෙදාගන්නෙ ඉමහත් සතුටකින්.

ඔබත් මෙවැනි දෑ බොහොමයක් කර තිබෙනවා වන්නට පුළුවන. පරිත්‍යාගය කියන දේ ජීවිතේ එක කොටසක් බවට පත්කර ගන්න. දිනෙක ඔබට මට ලැබෙණුයේද අපි ලබාගත් දේට වඩා ලබාදුන් දේ පමණි. මම හැමදාම විශ්වාස කරන එක දෙයක් ඇත. ඒ ජීවිතේ වෙනස් කිරීමට යන්නෙ තත්පර 10කටත් අඩු කාලයක් බව. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.