Celebrity Gossip

අපි විවාහ වෙලා අවුරුදු 14ක් වෙනවා පුතා දැන් පෙරපාසල් යනවා – හිමාලි සිරිවර්ධන

කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් තමයි හිමාලි සිරිවර්ධන කියලා කියන්නේ. පහුගිය කාල වකවානුව තුළදී නර්තන විනිසුරුවරියක් විදිහට කටයුතු කළ ඇය ඊට අමතරව බොහෝ ටෙලි නාට්‍ය සඳහාත් සිය රංගන දායකත්වය ලබා දුන්නා. හැබැයි ටික කලක් ඇයව අපට කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබුණේ නැහැ. ඊට හේතුව තමයි ඇය ඇයගේ ආදරණීය දරුවා වෙනුවෙන් කාලය වෙන් කර ගැනීමට සිතීම. අවුරුදු දාහතර වැනි දිගු කලක් තිස්සේ ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඇයට මේ වන විට ආදරණීය පුතෙක් සිටිනවා. ඉතින් ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී රංගන කටයුතුත් සමග පවුල් ජීවිතය ගෙන යන විදිය ගැන පැවසුවේ මේ විදියට.

” මම කොහොමත් වැඩ බදාගන්න කැමැති කෙනෙක් නෙමෙයි. මුල් තැන දෙන්නේ මගේ නර්තන කණ්ඩායමට නිසා ඉස්සරත් අවුරුද්දකට එක නිර්මාණයකට වගේ තමයි එක් වුණේ. නිර්මාණ ගොඩක ඉන්නවට වඩා කාලෙකට පස්සේ වුණත් හොඳ එක නිර්මාණයක් කිරීමයි මට අවශ්‍ය. මගේ හස්බන්ඩ් කලාවට සම්බන්ධ කෙනෙක්. එ නිසා මට මගේ වැඩ වලට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි විවාහවෙලා අවුරුදු 14ක් වෙනවා. අපේ පුතා දැන් පෙරපාසල් යනවා. ඒ නිසා මගේ උපරිම අවධානය පුතාට තමයි දෙන්නේ.

මගේ අක්කා මං නැති වෙලාවට පුතාව බලා ගන්න නිසා බයක් නෑ. දරුවා සහ පවුල මඟහැරගන්නේ නැතිව වැඩ කරන නිසා මට ගැටලුවකුත් නැහැ. එයා ඉරෝෂිනි සිරිවර්ධන. එයා තමයි මම වැඩකට එලියට ගියාම බබා බලාගන්නේ. කාලයක් පේන්න ඉදලා ඊටපස්සේ පේන්න නැතිවුණාම රසිකයන්ට අමතක වෙනවා. ඒත් මට ගොඩක් දෙනෙක් ආදරෙයි. ඉතින් මට ලොකු සතුටක් දැනෙන්නේ. මමත් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.