Celebrity Gossip

මගෙ හේමාල්ට මුකුත් කියන්න එපා යනුවෙන් සාරංගට දිනක්ෂි දුන් සැර පිළිතුර

දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියලා කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කාගේත් අවධානයට සහ කතා බහට ලක්වන චරිත දෙකක්. මේ වන විට පුංචි දියණියකට උපත දෙමින් ආදරණීය දෙමව්පියන් වී සිටින මොවුන් දෙදෙනාට බොහෝ දෙනාගේ ආදරය සහ ආකර්ෂණය වගේම දෝෂාරෝපණයන් ද එල්ල වනවා. සාරංග දිසාසේකර කියන්නේ එක් වරක් විවාහ වී දෙවන වරට දිනක්ෂි සමග විවාහ වූ අයෙක්. ඒ නිසාම ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන බොහෝ දෙනා නොයෙක් කතන්දර පවසනවා. ඔහු මුල් වරට විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලී තිලකරත්න සමඟයි. නමුත් ඔවුන් අතර ඇති වූ නොයෙකුත් ගැටළු කාරී තත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඔවුන් තීරණය කරනවා.

ඉතින් මේ වන විට උමාලි තිලකරත්න තනිකඩ ජීවිතයක් ගත කළත් සාරංග දිසාසේකර දිනක්ෂි සමඟ ඉතාම සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඔවුන් දෙපලගේ පුංචි සාරන්‍යා දියණිය නිසා එම පවුල තවත් ආලෝකමත් වෙලා තමයි තියෙන්නේ. සාරංග දිසාසේකර කියලා කියන්නේ කලාව උපතින්ම උරුම කර ගත් ආදරණීය රංගන ශිල්පියෙක්. ඒ නිසාම අදටත් ඔහුගේ රංගනය සඳහා ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නිරන්තරයෙන් ම ඔහුට ලැබෙනවා. ඉතින් සාරංගයි දිනක්ෂියි කියන්නේ හරිම අවබෝධයෙන් යුතුව සිය පවුල් ජීවිතය ගෙන යන දෙපලක්. ඉතිං අද දිනයේ දී සාරංග දිසාසේකර එක්තරා ඡායාරූපයක් සමඟ හරි අපූරු වදනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ තබා තිබුණා. එම ඡායාරූපයේ සාරංගත් දිනක්ෂිත් හේමාල් පෙරේරාත් සිටින අතර එහිදී දිනක්ෂි හේමාල් සමග ඡායාරූපයකට පෙනී සිටිනවා. ඒ දෙස සාරංග එහා පුටුවේ සිට බලා සිටිනවා. ඉතින් සාරංග එයට මෙලෙස තමයි සටහන් කරලා තිබුණේ.

” එදා මනමේටත් මෙහෙම්මම හිතෙන්න ඇති “

එයට දිනක්ෂි පිළිතුරක් ලෙස මෙලෙස කමෙන්ට් එකක් තබා තිබුණා.

” මගෙ හේමාල්ට මුකුත් කියන්න එපා

ඉතිං ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ අපුරු ප්‍රතිචාර ඔවුන්ට ලැබී තිබුන. ඉතින් ඔවුන්ගේ ජීවිතය හැමදාම මෙලෙස සතුටින් ගත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.