Celebrity Gossip

අවුරුදු 17ක් අපි ප්‍රශ්න හැලහැප්පීම් එක්ක ජීවත් වෙනවා – හෙක්ටර් ඩයස්

හෙක්ටර් ඩයස් කියලා කියන්නේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ සිටින පෙරළිකාර සංගීත ශිල්පියෙක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. නිල්වන් මුහුදු තීරේ ගීතය ඔස්සේ අලුත්ම මුහුණුවරකින් කරළියට පිවිසි ඔහු මේ දිනවල දී අපට දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්ති චරිතය ඔස්සේ දැක බලාගන්නට පුළුවන්. බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණීය ප්‍රතිචාර මැද මෙම චරිතයට පණ පොවන ඔහු ඉතාමත්ම දක්ෂ saxophone වාදන ශිල්පියෙක් ද වෙනවා. බොහෝ දෙනාගේ ආකර්ශනයට නතු වීමට ඔහුට ප්‍රධාන වශයෙන්ම හැකියාව ලැබුනේ ඔහුටම ආවේණික වූ ස්වභාවික විලාසිතාකරණය නිසයි. ඔහුවත් නොසිතූ පරිදි ඔහුගේ කොණ්ඩ මෝස්තරයට සහ රැවුලට බොහෝ තරුණ තරුණියන්ගේ අවධානය නිතැතින්ම යොමු වන බව කවුරුත් දන්නා රහසක්. ඉතින් පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා සති අග පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ ජීවන තොරතුරු පිළිබඳව සඳහන් කරනු ලැබුවේ මේ විදිහට.

දිවිතුරා කියලා කියන්නේ ඔහුගේ පළමුවැනි ටෙලි නාට්‍යය අත්දැකීම. ඉතින් එහිදී කැමරාවක් ඉදිරියේ රංගන කටයුතු සිදුකිරීම මුල් අවස්ථාවන්වලදී නම් ටිකක් අපහසු වූ බව ඔහු පවසා සිටියා. නමුත් සියලුම දෙනාගේ සහයෝගය ලැබුනු නිසා රංගන කටයුතු සාර්ථකව කරගැනීමට ඔහුට හැකියාව ලැබුණු බවත් ඔහු කියා සිටියා. ඒ වගේම තමයි ඔහු යම් වැඩක් බාරගත්තොත් එහි අවසානය තෙක් රැඳී සිටින බවත් එය සාර්ථකව කර ගැනීමට තමන් උපරිමයෙන්ම උත්සාහ ගන්නා බවත් එහිදී ඔහු පවසා සිටියා. ඔහුගේ සංගීතමය කටයුතුවලදී මෙන්ම රංගන කටයුතුවලදී ත් ඔහුගේ සෙවණැල්ල සේ ලගින් සිටින්නේ ඔහුගේ ආදරණීය බිරිඳයි. ඉතින් ඔහු ඇය පිළිබඳව පැවසීමටත් එම අවස්ථාවේදී අමතක කළේ නැහැ. ඒ මේ විදියට.

“පාටී කියන්නේ මට ලැබුණු ශක්තිමත් ගැහැනියක්. ගැළපෙනම කෙනා තෝරා ගත්තා කියලා හිතනවා. එයා මුණගැහෙන්න කලින් ඕන තරම් කෙල්ලෝ කතාබහ කරලා තියෙනවා. නමුත් පාටී කියන්නේ මගේ ජීවිතේ වෙනස් කළ කෙනෙක්. අවුරුදු 17ක් අපි ප්‍රශ්න හැලහැප්පීම් එක්ක සතුටින් ජීවත් වෙනවා. වරදක් කළත් සමාව දීලා පවුල් ජීවිතේ ගෙනියන්න හයියක් වුණු කෙනෙක්. ඒක මගේ වාසනාව. ලොකු පුතා දෙවීන්. වයස 17ක් වෙනවා. දෙවැන්නා දුව. ඩියෝනා. 15යි වයස. අනිත් පුතා ඩෙලෝන්. වයස 12යි. මෙයාලා ඉගෙන ගන්නේ ජීවත් වෙන්නේ ප්‍රංශයේ. තුන් දෙනාම සංගීතය ට දක්ෂයි. දුව එහේ රියැලිටි ෂෝ එකකටත් තේරිලා ඉන්නවා”

මේ විදිහට තමයි ඔහු පිළිබඳව එම පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී පවසල තිබුනෙ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා කරුවාගේ සියලුම වැඩකටයුතු එලෙසින්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.