Celebrity Gossip

ඇඟ වැහෙන්න ඇඳපු කෙනෙක් විදිහට නෙවෙයි, ටැටූ ගහලා මට ඕනි දේ කරන්නයි මං ආස – හර්ෂි රසංගා

හර්ෂි රසංගා කියලා කියන්නේ ඒ දවස් වල කොයි කවුරුත් අතර වැඩිපුරම ජනප්‍රිය චරිතයක්. සුජාතා ටෙලිනාට්‍ය ඔස්සේ පළමු වරට රංගන කරළියට පිවිසි ඇය අවුරුදු අටක් වැනි කුඩා වියේ සිටම වෙළඳ දැන්වීම් රූප රචනා සඳහා පෙනී සිටි තැනැත්තියක්. ඉන් පසුව කුමී , සමනලුන් පියාඹයි , හදවතේ කතාව , රැස් ආදී ටෙලි නාට්‍ය ගණනාවකටම රංගන දායකත්වය ලබා දුන් ඇයට බොහෝ රසික රසිකාවියන් පිරිසක් ආදරය කරනවා. ඇයට සහෝදරයෙක් හා සහෝදරියක් සිටින අතර පවුලේ බාලයා වනවා. ඇය රංගනයට පමණක් නොව නර්තනයටත් ගායනයටත් දක්ෂ බව තමයි අපට ආරංචි වෙන්නේ.

ඉතින් ඇය මෑතකදී රූප රචනයට දායක වූ music video එකක් තමයි නදිමාල් පෙරේරාගේ ආදරයේ ගීතය. ඉතින් ඒ නිසාම බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනා පෙම්වතුන් කියලත් කට කතාවක් පතුරවලා තිබුණා. නමුත් ඇය නම් කියන්නේ ඒ වගේ කතාවක් කොහොම පැතිරුණා ද කියලා ඇය දන්නේ නැතිලු. නදීමාල් කියන්නේ ඇයට ඔහුගේ ම අයියා කෙනෙක් වගේ ලු. එම ගීතයට බොහෝ දෙනාගේ ප්‍රතිචාර වැඩි නිසා කට්ටිය එහෙම කියනවා කියලා තමයි ඇය නම් කියන්නෙ. හර්ෂි රසංගා කියලා කියන්නේ පුංචි තිරයේ අහිංසකාවියක්. ඉතින් ඇයගේ සැබෑ ජීවිතයේ කරන විලාසිතා ගැන කට්ටිය විවේචනය කරනවා ද කියලා ඇහුවම ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්.

” විවේචනය කරලා තියෙනවා. මම අහිංසක චරිතනේ ඔක්කොම කළේ. ඒගොල්ලො මාව දැකලා තිබුණේ ඇඟ වැහෙන්න ගවුම් ඇඳපු කෙනෙක් විදිහට. ඒත් මං ආස මට ඕනි දේ කරන්න. මම ටැටු ගොඩක් ගහන්න ආසයි. මං ටැටූ ගහලත් තියනවා. එක ටැටූ එකක් මගේ බව්වා. අනිත් ටැටූ එක ගැහුවේ මියුසික් වලට ආස නිසා. අනිත් එක ලග්නයට. රංගන ක්ෂේත්‍රයෙන් අයින් වුණොත්. මම ගායන ක්ෂේත්‍රයට යන්න ආසාවෙන් ඉන්නවා. මං ටැටූ ගහයි. ගිටාර් එකක් ගහන්න හිතන් ඉන්නවා. තාත්තා මුලදී අකැමැති වුණා, මම කරන්න ගිය කැරැක්ටස් නැතිවෙයි කියලා. අම්මි එහෙම නෑ. සෝශල්. ඒ නිසා අම්මිව මම ශේප් කරගෙන තාත්තිවත් ශේප් කරගන්නවා. මම නිදහස් වෙලාවට කැමතිම කාමරේට වෙලා තනියම ඉන්න.”

මේ විදියට තමයි ඇය එක්තරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.