Celebrity Gossip

හර්ෂණ බෙත්මගේ සිය නව බිරිඳට ආදරණීය සටහනක් තැබුවේ පැරණි බිරිඳට රිදෙන්නද?

හර්ෂණ බෙත්මගේ කියලා කියන්නේ කලා ලොව තුල සිටින තරුණියන්ගේ සිත් වශී කරගත් සිහින කුමාරයෙක්. බොකුටු කොන්ඩෙත් කඩවසම් පෙනුමත් නිසාම බොහෝ යුවතියන් ඔහුට වහ වැටී සිටින බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. බොහෝ ටෙලි නාට්‍යය නිර්මාණ සඳහාත් සිනමාපට සඳහාත් මියුසික් වීඩියෝ සඳහාත් සිය රංගන දායකත්වය ලබා දුන් මොහු ඇත්තෙන්ම ඉතාම තාත්ත්විකව රංගනයේ යෙදෙන දක්ෂ රංගන ශිල්පියෙක් වනවා.

ඉතින් හර්ෂන ගැන කතා කරද්දි කතා නොකර ම බැරි මාතෘකාවක් තමයි ඔහුගේ විවාහය. ඔහු පළමු වරට විවාහ වන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සමගයි. වසර ගණනක් ආදරය කර යුග දිවියට පත් වූවත් ඔවුන් අතර ඇතිවූ යම් යම් නොගැළපීම් සහ ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහයට සමුදීම ට ඔවුන් තීරණය කරනවා. ඉතින් මේ වන විට හර්ෂණ බෙත්මගේ අරුණි නමින් හඳුන්වන සුරූපී යුවතියක් සමග දෙවන වරට යුග දිවියට පත් වන අතර වෝල්ගා කල්පනී තවමත් තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටිනවා.

ඉතින් දිනක් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු සහ වොල්ගා ගත් තීරණය පිළිබඳව රසිකයන් සමඟ කියා සිටියේ මේ විදියට.

” ඇත්තටම මේක හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. එහෙම හදිසියේ ගත්ත තීරන වැරදිලා තියෙනව. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ තීරණේ ගත්තෙ. වේදනාවේ අවසානය අතහැරීම කියනවනේ. අතහැරීම කියන තැන මමත් හිටියා. හැමෝම සතුටෙන් ජීවත්වෙන්න බලන්නේ. ඒ සතුට නැති කරගෙන ජීවත් වෙන්න අමාරුයි. “

ඉතින් මේ විදියට අදහස් දැක් වූ ඔහු මේ වෙනකොට අරුණි සමඟ ඉතාම සාර්ථක ආදරණීය පවුල් ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් ඊයේ දිනයේදී හර්ෂණ බෙත්මගේ තම නව ආදරණීය බිරිඳ වෙනුවෙන් අපූරු සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ සටහන් කරලා තිබුණා. ඒ මේ විදියට.

” මගේ දිවියෙ මට ලැබුණු වටිනාම තිලිණේ ඔයා, ජිවිතේ එක ලස්සන දවසක අපි ආදරේ ” ඉතින් කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පියාට හැමදාම සතුටින් සිටීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.