Celebrity Gossip

බැඳි දෑඟිලිවලට 14 වසරක් රත්තරං තවත් දුර යමු මෙහෙම එකමුතුව – හරේන්ද්‍ර ජයලාල්

හරේන්ද්‍ර ජයලාල් කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම අති දක්ෂ චතුර කටහඬකට උරුමකම් කියන ඔහු බොහෝ දෙනා දැන හඳුනාගත්තේ ස්වර්ණවාහිනී නාලිකාවෙ live @ 8 ප්‍රධාන පුවත් නිවේදන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යමින් සිටින කාල වකවානුවේදී යි. ඒ වගේම තමයි වැඩ සටහන් මෙහෙයවන්නෙකු ලෙසත් කටයුතු කරන ඔහු මේ වන විට ඔහුගේම youtube චැනලයක් ඔස්සේ වටිනා තොරතුරු රැසක් බෙදා දෙමින් නිවේදන කටයුතු සිදු කරගෙන යමින් සිටිනවා. පසුගිය දිනකදී ඔහුගේ එම youtube talk show වැඩසටහන සඳහා මිලියනයක ප්‍රේක්ෂකාගාරයක් හිමි කර ගැනීම ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයේ තවත් හැරවුම් ලක්ෂයක් වුනා.

ඔහු සැබවින්ම සිත් ගත් ප්‍රවීණ මාධ්‍යවේදියකු පමණක් නොව නිහතමානි නිරහංකාර පුද්ගලයෙක්ද වෙනවා. ඒ නිසාම තමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා එක් රොක් වී සිටින්නේ. අසන්නන්ගේ සිත් ඇද බැද තබා ගැනීමට සමත් වන වචන පෙළහරකින් සිය දස්කම් පෙන්වන ඔහු පසුගිය දවස්වල බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වූයේ උමන්දාව රජ මහා විහාරයේ සිදුකරන ලද ස්වාභාවික නව නිපයුම් පිළිබඳව නිරන්තර තොරතුරු රසිකයා වෙත වාර්තා වැඩසටහන් මගින් ගෙන ඒමත් සමගයි. එහිදී එම වැඩසටහන් මගින් බොහෝ දෙනා විශාල දැනුම් කන්දරාවක් ලබාගත් බව නම් නොරහසක්. ඉතින් අද අපි කතා කරන්නට සිතුවේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම වටිනා දවසක් පිළිබඳවයි. ඒ තමයි පසුගිය දිනක දී තිබුණු ඔහුගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ දාහතර වැනි විවාහ සංවත්සරය. ඉතිං ඒ වෙනුවෙන් ඔහු හරි අපූරු සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කරලා තිබුණා. ඒ මේ විදිහට.

“බැඳි දෑඟිලිවලට 14 වසරක් අදට කාලයේ ගිරිශිකර මඩගොහොරු අඩු නැතුව හමුවෙද්දි නුඹ හිටියා අත්නොහැර යන්නැතූව අත්වැලක් නුඹ තරම් තවත් නෑ මා සතුව රත්තරං තවත් දුර යමු මෙහෙම එකමුතුව”

ඉතිං තවත් බොහෝ කාලයක් මොවුන් දෙපළට ආදරයෙන් සහ සෙනෙහසින් සිටීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔවුන් දෙපළට සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා