Celebrity Gossip

මමයි විනුයි අතර කතා බහක් ගියත් මම දුරකතන ඇමතුමක් ගන්නෙ මුලින්ම එයාට – විනූ සිරිවර්ධනගෙ සැමියා

විනූ සිරිවර්ධන කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය 2012 වර්ෂයේදී ශ්‍රී ලාංකික රූ රැජිණ තරඟයට සහභාගි වී ජයග්‍රහණය හිමිකරගත් ඇය මේ වන විට ටෙලි නාට්‍ය ගණනාවකට music videos ගණනාවකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නා කාරණය තමයි විනූ සිරිවර්ධන අවුරුදු දෙකකට කලින් කෝටි පති තරුණයකු සමඟ විවාහ දිවියට එළැඹුණා. ටියුෂන් ගුරුවරයකු ලෙස ලංකාවේ කොයි කවුරුත් හඳුන්නන ඔහු ඉතාමත්ම ආදරයෙන් යුතුව විනූව රැක බලා බලා ගන්නා බව සමාජ මාධ්‍ය තුළින් නිරන්තරවම අපට දැකබලා ගන්නට පුළුවන්.

විනූ සිරිවර්ධන කලක් නිවේදිකාවක් විදිහටත් සිය වැඩ කටයුතු සිදුකරගෙන ගියත් මේ දවස් වල නම් ඇයව අපට වැඩිය පුංචි තිරය තුළ දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ලංකාවාසි බොහෝ රසික රසිකාවියන් ආදරය කරන ඇයගේ විවාහ උත්සවය ඉතාමත්ම උත්සවශ්‍රියෙන් තමයි පැවැත්වූයේ. ඒ වගේම තමයි පසුගිය දිනකදී ඇගේ දෙවන විවාහ සංවත්සරය ද යෙදී තිබුණා. ඉතිං එහිදී උඩු ගුවනේ දී විනූට අපූරු surprise එකක් දීමටත් ඇගේ සැමියා වන කසුන් අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් මේ විදිහට ඉතාමත් ආදරයෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන මොවුන් දෙපළ එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදී සිය පවුල් ජීවිතය පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියට.

කසුන් කියන විදියට ඔහු ස්ථිර තීරනයක සිටියාලු විවාහ නොවී ඉන්න. ඔහුට එහෙම හිතුනෙ ඇයි කියල නම් ඔහුට තේරුනේ නැතිලු. මොකද කසුන් කියලා කියන්නෙ ගොඩක් කාර්යබහුල චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති ලු ඔහු විවාහයට අකමැති වෙලා සිටියෙ. ඉතින් විනූ සිරිවර්ධන කියලා කියන්නේ ඔහුට ලැබුණු විවාහ යෝජනාවක්. ඉතින් ඒ ගැන ඔහු කියා සිටියේ මේ විදියට.

” අපි දෙන්නට විවාහ යෝජනාව අරන් එන්නේ අපි දෙන්නගෙම යාලුවෙක්. තරංග වීරවර්ධන කියන්නේ මගේ ජීවිතේ සහෝදරයෙක් වගේ. ඉතින් මමයි විනුයි අතර කතා බහක් ගියත් මම දුරකතන ඇමතුමක් ගන්නෙ මුලින්ම තරංගට. අපේ ජීවිතේ සමීපතම යාලුවෙක් එයා. විනූ දන්නවා මම තරංග කියන දේ විතරයි ගොඩක් වෙලාවට අහන්නෙ කියලා. ඉතින් ඕනම දෙයක් විනූ තරංග හරහා තමයි මට කියවන්නේ.”

ඉතින් මේ විදියට ඉතාම ආදරෙන් ජීවිතය ගත කරන මොවුන් දෙපළගේ සියලුම වැඩ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.