Celebrity Gossip

මගේ අත්දැකීමෙන් කියන්නෙ පිළිකාවකට බයවෙන්න එපා – ගිරිරාජ් කෞෂල්‍ය

ගිරිරාජ් කෞෂල්‍ය කියනවාටත් වඩා ඔහු බොහෝ දෙනෙක් හඳුනන්නේ කුකුලා මුදලාලි කියන නමින්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශනය වූ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුළ ඔහු රඟ දැක්වූ අපූරු චරිතය නිසයි. නිරන්තරවම අපට ප්‍රහසන සහ විනෝදකාමී චරිත තුළින් දැක බලා ගැනීමට හැකි වන මේ අපූරු රංගන ශිල්පියාට මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම ඉතාමත් ආදරය කරනවා. සුහද කොකා , සිකුරු හතේ වැනි විනෝදාත්මක සිනමා නිර්මාණ තුළින් ද වේදිකා නාට්‍ය නිර්මාණ තුළින් ද රසික හමුවට එන ඔහු සැබවින්ම ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් වනවා.

ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පසුගිය කාල වකවානුව තුළදී ඔහුගේ ජීවිතයේ එක්තරා කනගාටුදායක අත්දැකීමකට භාජනය වීමට සිදු වුණා. ඒ තමයි කවුරුත් නොසිතූ පරිදි ඔහු පිළිකාවකට ගොදුරු වීම. ඉතිං ඒ හේතුවෙන්ම එවකට රඟපෑම් කටයුතු සිදුකරමින් සිටි නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයෙන් ද ටික කාලයකට ඉවත් වුණා. ඉතින් බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් ඒ ගැන සිය කනගාටුව පළ කළ අතරම ඔහුට ඉක්මන් සුවය බොහෝ දෙනා ප්‍රාර්ථනා කළා. ඉතින් අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ මහත් වූ කැපවීම සහ උනන්දුව නිසාම ඔහු මේ වන විට නිරෝගී සුවයෙන් පසු වනවා. ඉතින් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී ඔහුගේ රෝගය සුව වීම පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියට.

‘ පිළිකාවක් හැදුනත් බයවෙන්න එපා. සමහරු පිළිකා රෝහල කිවුවහම බය වෙනවා. ඒකයි අපේක්ෂා රෝහල කියලා නමත් වෙනස් කළේ. එහෙම බයවෙන්න එපා. එතන ඉන්නවා පුදුම දැනුමක් තියෙන වෛද්‍යවරුන්. පුදුම සහයෝගයක් ලබා දෙනවා. අනිවාර්යෙන් ම මොනවා හරි දෙයක් වුණොත් එතෙන්ට යන්න. ඒක තමයි ලංකාවෙ තියෙන සුපිරි ම රෝහල පිළිකා රෝගියෙක් ට මම මගෙ මේ අත්දැකීමෙන් කියන්නෙ. ‘

මේ විදිහට තමයි ඔහු අදහස් දැක්වූයේ. ඉතින් හැමදාමත් මේ ආදරණීය කලාකරුවාන්ට කිසිදු රෝග උපද්‍රවයකට ගොදුරු නොවී නිරෝගීව සිටීමට හැකි වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.