Celebrity Gossip

නිළියක් විදිහට ලබන මේ ආශිර්වාද වෙන කිසි තැනකින් ගන්න බැහැ – ගීත්මා බණ්ඩාර

ගීත්මා බණ්ඩාර කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සංගීතේ ටෙලිනාට්‍ය තුළ සිටින අසේනි කියන දඟකාර කටකාර චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිබඳව දිනාගත් ඇය මේ දිනවල දී සර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ඇස් කියන ටෙලිනාට්‍යයේ සංවරී කියන චරිතය ඔස්සේ අපට දැකබලා ගන්නට පුළුවන්. අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය ලබාගෙන රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන ගීත්මා පසුගිය දිනකදී එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්චාවකදී ඇය පිළිබඳව බොහෝ දෑ පවසා සිටියේ මේ විදියට.

ගීත්මා බණ්ඩාර ගොඩක් වෙලාවට රංගනයෙන් දායක වන්නේ පාසල් චරිත සඳහා. ඉතින් ඒ ගැන මාධ්‍යවේදියා විසින් විමසූ විට දුන්න මේ වගේ පිළිතුරක්.

‘ ඒ අත්දැකීම ඇත්තටම මාරම සුන්දරයි. නැවතත් අපේ ජීවිතයේ ලස්සනම කාලය වන පාසල් කාලයට යනවා. ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මම මේ වෙද්දි පාසලෙන් ඉවත් වෙලා අවුරුදු ගාණක් ගත වෙලා තියෙනවා. නමුත් මේ නිර්මාණ හරහාත් පාසල් යන්න වෙලා තියෙන නිසා ඒ කාලේ කරපු දඟ වැඩ යාළුවොත් එක්ක කල්ලි ගැහෙන ඒවා ඒ ගත කරපු සුන්දර අතීතය මතකෙට එනවා. ඇත්තටම මෙවැනි චරිත දෙකක් එක්ක එකතු වෙන්න ලැබීමම ලොකු භාග්‍යයක්. සංගීතේ නිර්මාණයෙන් පස්සේ මට ආරාධනා ගොඩක්ම ලැබුනු පාසල් කාලේ චරිත රංගනයන් වලට. නමුත් මම එක චරිතයකට කොටු වීමක් වෙන්න එතරම් කැමති නැහැ. චරිත බාර ගද්දි ටිකක් වෙනස් වෙන්න බලනවා. නමුත් ප්‍රේක්ෂකයෝ කැමති පාසල් චරිත වලට වගේ තමයි ඒවට ප්‍රතිචාර වැඩියි. මොකද ඔවුනුත් මේ චරිත තුළින් නැවත ඔවුන්ගේ ඒ අතීතයට එහෙම යනවනේ. ‘

‘ මෙතෙක් මා ආපු ගමන ගැන ගත්ත තීන්දු තීරණ ගැන කිසිම පසුතැවීමක් නැහැ. මොකද මම මේ ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ලොකු පිනක් වාසනාවක් විදියට මම දකින්නේ. රංගන ශිල්පිනියක් විදිහට අද මම ලබන ප්‍රතිචාර ප්‍රතිචාර ඒ ආදරය ආශිර්වාද වෙන කිසිම තැනකින් ගන්න බැහැ. මම මුලින් හිතුවේ නැහැ මට මේ තරම් ප්‍රතිචාර තියෙයිද ප්‍රේක්ෂකයෝ මාව පිළිගනී ද කියලවත්. අද වෙද්දි මේ ලැබෙන දේවල් ගැන මම ගොඩක් තෘප්තිමත්. මගේ සැඟවිලා තිබුණ යම් කුසලතාවක් එලියට ඇවිල්ල ගොඩක් වාසනාවන්ත වුණා කියලා හිතනවා මෙතරම් ආදරයක් ලබන්න. ‘

ඒ විදිහට තමයි එහිදී ඇය කියා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.