Celebrity Gossip

මගේ ජීවිතයේ සාර්ථකත්වය අරන් ආපු කෙනෙක් පූජනී කියන්නේ – ගයාන් ගුණවර්ධන

ගයාන් ගුණවර්ධන කියනවාටත් වඩා ඔහුව මේ දවස්වල කවුරුත් හඳුන්වන්නේ භානුක කියන නමින්. ඒ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ජනප්‍රිය වෙමින් ඉදිරියටම යන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යය තුළ ඔහු රඟ දක්වන භානුක කියන චරිතය නිසයි. ඔහුගේ සැබෑ ජීවිතයේ වගේම සංගීතමය වැඩ කටයුතු සමග ගනුදෙනු කරන චරිතයක් වන භානුක සිය රංගන භූමිකාව ඉතා සාර්ථක ලෙස තාත්වික අයුරින් සිදු කරනු ලබනවා.

ගයාන් කියලා කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් පමණක් නොවේ. ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් ද වාදන ශිල්පියෙක් ද වනවා. සිය පියාගේ ආභාෂයෙන් ගීත ගායනය සඳහා උරුමකම් කියන ඔහු මේ වන විට තවත් යහළුවන් කිහිප දෙනෙකු සමඟ එක්වී රෝඩ්ස් නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනු ලබනවා. එම සංගීත කණ්ඩායම මංගල උත්සව අවස්ථාවන් සඳහා ගීත ගායනා කිරීම විශේෂත්වයක්.

2008 වර්ශයේදී තමයි ඔහු මුලින්ම තමාගේම ගීතයක් එළිදක්වන්නේ. ඉන්පසුව නිවේදන කටයුතු සඳහාත් රංගන කටයුතු සඳහාත් වැඩි කාලයක් යෙදවූ බැවින් ගීත ගායනයෙන් ටිකක් ඈත් වන්නට ඔහුට සිදු වුණා. 2016 වර්ෂයේ දී ගායනා කරන ලද ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් තිබුණු බැවින් ඔහු නැවතත් ගායන භූමිකාවට පිවිසුනා. මේ වන විට ටෙලිනාට්‍ය අටකට සිය රංගන දායකත්වය ලබාදී ඇති ඔහු සංගීතමය කටයුතු වලත් ඒ අතරතුර දී යොමු වී සිටිනවා. මේ වන විට ගීත තුනක වැඩ කටයුතු කරගෙන යමින් සිටින බව තමයි ඔහු කියා සිටින්නේ. ඉතින් ඔබ අප කවුරුත් දන්නා කරුණක් තමයි පූජානි භාග්‍යා සහ ඔහු පිළිබඳව නොයෙකුත් කට කතා සමාජ ගත වී තිබෙනවා. බොහෝ දෙනා පවසන්නේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් යැයි කියාය. ඉතිං ඒ පිළිබඳව ගයාන් ගෙන් විමසූ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්.

“මගේ ජීවිතේ සාර්ථකත්වය අරන් ආව කෙනෙක් තමයි පූජනී කියන්නේ. මගේ කලා ජීවිතයේ සමීපම කෙනා එයා. මගේ අදහස්වලට එයාගේ අදහස් ගැළපෙනවා. ඒ වගේම මගේ හොඳම මිතුරියත් සහෝදරියත් එයා තමයි. “

ඉන්පසු මාධ්‍යවේදියා විසින් ඔහුට ඇයව විවාහ කර ගැනීමට ඔබේ අදහසක් තිබේදැයි ඇසූ පැනයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරක්.

“විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා. 2019 වර්ෂයේ හුස්මක් තරමට නාට්‍යයේදි තමයි එයාව ආශ්‍රය කරන්න ලැබෙන්නේ, එයා ඒ දවස්වල මට කිව්වා ආයෙමත් ගීතයක් කරන්න කියලා. ඒ විදිහට කරපු ගීතයක් අතිශය ජනප්‍රිය වුණා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ඒ ගීතය. ඒ නිසා පූජනී මට විශේෂ කෙනෙක්. ඒ වගේම එයා නිතරම මාව මෝටිවේෂන් කරන කෙනෙක් මගේ කලා ජීවීතයට.”

මේ විදිහට තමයි ඔහු පවසා සිටියේ. කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා කරුවාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.