Celebrity Gossip

මම කැමැති මගේ දුව චතුරිකාගේ ගතිගුණ ඇතිව හැදෙනවට

ගයාන් වික්‍රමතිලක කියන්නේ ලංකාවේ කොයි කවුරුත් දන්න ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහුගේ රංගනයේ වූ තාත්වික බව නිසාම ඔහු වටා එක් රොක් වූ ප්‍රේක්ෂක පිරිස ද අති විශාලයි.ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ ද කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමඟයි.චතුරිකා පිරිස් කියල කියන්නේ ගයාන් දෙවන වරට විවාහ වූ බිරිඳයි.මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටින අතර ඇයත් සමග කරන ලද වීඩියෝ ලංකාවෙ බොහෝ දෙනෙක් ඉතාම ආදරයෙන් බලා සිටිනවා.චතුරිකා පීරිස්ගේද මෙය දෙවන විවාහය වන අතර ඇය පළමු වරට විවාහ වූයේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය සමඟයි.කෙසේ නමුත් ඔවුන්ගේ විවාහය දෙදරා ගිය අතර චතුරිකා ගයාන් වික්‍රමතිලක සමග විවාහ වුණා.

ගයාන් කියලා කියන්නේ දරුවන්ට ගොඩක් ආදරේ කරන පියෙක්.ඔහුගේ කලින් විවාහයෙ බිරිඳටත් ආදරණීය දරුවන් දෙදෙනෙක් සිටිනවා.ඔවුන් දෙදෙනාම පිරිමි දරුවන් වන අතර ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ වන චතුරිකා පීරිස්ට ලැබෙන්නේ ගැහැනු දරුවෙකි.ඉතින් මේ වන විට දරුවන් තිදෙනකුගේ පියෙක් වන ගයාන් වික්‍රමතිලක සිය පිය පදවියේ පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

“ඇත්තටම මම දරුවන්ට ගොඩක් ආදරේ කරන පියෙක්.චතුරිකාට කවුරු ඉපදුනත් ආදරයෙන් පිළිගන්නවා කියලා හිතුවට මට දැනුණ චතුරිකාට ලැබෙන්නේ ඉන්නේ දියණියක් කියලා.ඒ වගේම ඒ ආරංචිය ඇහුවම හිතට දැනුණ හැඟීම වචනයෙන් විස්තර කරගන්න බෑ.මට හැමදාම ඕන කළේ මගේ දරුවන් තුන්දෙනාම එකට සහෝදර සහෝදරියන් වගේ ඉන්නව දකින එක.

මගේ දියණියව කුසට ආපු දවසෙ ඉඳන්ම චතුරිකා කෑවෙ මගේ අතින් හදලා දීපු බත් සහ ව්‍යංජන.wedding වලට ගියත් එළියට ගියත් එයාට ඕනි වෙලා තිබුනේ මම උයන කෑම කන්න.මම උයල දෙන ඒවා එයා හරි ආසාවෙන් කද්දි මටත් හරිම සතුටුයි.මං කැමති මගේ දුව චතුරිකාගේ රූපය ඒ විදියටම අරන් එයාගේ ගතිගුණ ඇතිව ලොකු වෙනවා දකින එක.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා හදවතින්ම සුබ පතනවා.