Celebrity Gossip

මට දරුවෝ 10ක් හදල කන්න දෙන්න බෑ ලමෙක් හදපු පලියට අම්මෙක් වෙන්නෙත් නෑ – චතුරිකා පිරිස්

චතුරිකා පිරිස් කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රිදී තිරයටත් පුංචි තිරයටත් නැතිවම බැරි චරිතයක් වූ ඇය විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයකගේ ආදරය සහ ආකර්ෂණය නිරන්තරවම දිනා ගෙන සිටිනවා. ඇය පළමු වරට විවාහ වන්නේ අප කවුරුත් හඳුනන රොෂාන් පිලපිටිය සමග වන අතර ඔවුන්ගේ විවාහය යම් යම් හේතු කාරණාවන් හේතුවෙන් දෙදරා ගියා. මේ වන විට ඔහු රිද්මා පිලපිටිය සමඟ විවාහ වී සිටින අතර ඔවුන් දෙපළට සුරතල් පුතෙක් ද සිටිනවා.

චතුරිකා පිරිස් ද නැවත යුග දිවියට පිවිසෙනවා. ඒ අප කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමතිලක සමග. ඉතින් ඔවුන් දෙපළටත් ආරාධනා නමින් හඳුන්වන පුංචි දියණියක් සිටිනවා. මුළු රටේම ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට තරම් මේ සිඟිති දියණිය වාසනාවන්ත වීමත් විශේෂත්වයක්. ඉතින් දිනක් චතුරිකා පීරිස් එක්තරා මාධ්‍ය වැඩසටහනකට සහභාගි වන අතර එහිදී මාධ්‍යවේදියා විසින් ඇගෙන් අපූරු පැනයක් විමසනවා. ඒ තමයි ආදරේ කරන දෙදෙනෙක් දරුවෙක් හැදිය යුතු ම ද යන්න. ඉතින් එයට ඇය මේ වගේ පිළිතුරක් ලබා දෙනවා.

‘ එහෙම දරුවො හදන්න ම ඕන නැහැ. එහෙම හැදෙන්නෙත් නැහැ. එහෙම වුනොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ විදිහටම හිතලා දරුවො හදන්න පටන් ගත්තොත් අපේ මේ ස්වභාව ධර්මය balance නැති වෙනවා නේද. අපි හැමදේම අවබෝධයෙන් කරන්න ඕනේ. ඉතින් දරුවෝ හදන්නත් ඕනෙ අපි අවබෝධයෙන්.

මම දරුවෙක් හදනවා කියලා මට දරුවෝ දහ දෙනෙක් හදන්න බෑනේ. මට දරුවෝ දහ දෙනකුට කන්න බොන්න දෙන්න බෑ. එතකොට ඒ දරුවන්ගේ ජිවිතේ නිකන් නාස්ති වෙලා යනවා. හදන්න පුළුවන් එක්කෙනා ද දෙන්න ද තුන් දෙනා ද ඒ කට්ටිය හරියට හදන්න ඕනේ. ඒක තමයි අපි අවබෝධයෙන් ජීවත් වෙනවා කියන්නේ. ඒ වගේම ළමෙක් හදපු පලියට අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දරුවා වෙනුවෙන් ඉතිරි ජීවිත කලෙත් අම්ම කැප කිරීම් කරන්න ඕනි ඇයගේ හෝ ඔහුගේ දියුණුව වෙනුවෙන්. ‘

ඒ විදියට තමයි ඇය අදහස් දැක්වූයේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.