Celebrity Gossip

ලොකු මහත්වෙච්ච දරුවන් ඉන්නවද කියන්නත් බැරි ෆර්නිගෙ හැඩ

ටෙලි කලාවෙ අද ගොඩක් ජනප්‍රිය ඇතැම් රංගන ශිල්පිනියන් වෙිදිකාවෙන් ලබපු පන්නරය තුලින් තමයි මෙි හැමදෙයක්ම කරගෙන යන්නෙ.ෆර්නි රෝෂිණී කියන්නෙත් ඒ වගේ කෙනෙක්.ඇය තමන්ගෙ රංගන ජීවිතය පටන් ගන්නෙ වෙිදිකාව මතින්. බාල්කයේ තීන්දුව වෙිදිකා නාට්‍යයෙන් ආරම්භ වන ඇගේ රංගන ජීවිතයේ විශේෂම සිදුවීම මුල්ම නා⁣ට්‍යය වෙිදිකා ගත නොවීම.

අනතුරුව ⁣ධර්මසිරි බංඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය ද ,මිනිසා සුදු රෙදි හොරු වගේ නාට්‍යයද මෑතකාලීනව බල්ලොත් එක්ක බෑ වගේම චරිතෙ හොරු අරන් නාට්‍යය සමගත් ඇය එකතුවෙනව.

වෙිදිකාව උඩ කරන රංගනය වගේම ඇගේ ජීවන ගමනත් අතිශය සුන්දර එකක්.කාලෙකට කලින් ඇය හා සැමියා සමග එකතුවී කරපු නැවත විවාහවීමෙි සංකේතාත්මක පින්තූර නිසාම ඒ දවස්වල ඇයට නිතර දුරකථන ඇමතුම් ගණනාවක් ඇවිත් තියෙනව.ඒ කොහොම වුනත් ඇයට ආන්දෝලනාත්මක කතාබහ වලට ලක්වුණු අවස්ථාවන් හරිම අඩුයි.

” රගපානවට වඩා සංගීතයෙන් ඉදිරියට එනවනම් තමයි ගෙදරින් කැමතිවුනෙ.පවුලෙ එකම ගෑනු ලමය රංගනයට ඒම හින්ද ඔවුන් බයවෙන්න ඇති.කොහොමවුනත් මම රඟපෑමට ආවෙ සැමියා ගේ අවසරය නිසාමයි.ඔහු මාධ්‍ය වගේම කලාව ගැනත් දන්න නිසාම මට අවස්ථාව ලැබුණා ඒකට.

රංගන ශිල්පිනියන්ට එන අනවශ්‍ය යෝජනා තමන්ට ඇවිත් නැති බව ෆර්නි පවසනවා.

” එහෙම ඒවා එන අය ඇති.ඒවා තනි කැමැත්තට සිදුවෙනව කියල මම හිතන්නෙ නෑ.හැබැයි එක දෙයක් වැරදි කරලා රැදෙන්න නම් බෑ.

එමෙන්ම සම්මාන ගැන කිව්වොත් මම දක්ෂතා තිබුණට ඒකට වාසනාව නැතිව ඇති කියල හිතෙනව.වරක් මට ජූරියේ සම්මාන ලැබෙනව කිව්වත් එයත් කතාකලා පමණයි ලැබුනෙ

” රංගනයට එන්න කලින් ඉදන් පුංචි කාලෙ මට ආසාවක් තිබුනා මෙි ගැන.ඉතින් කවදා ඒ ආසාව ඉටු කරගන්නද කිය කිය හිටියෙ.කෝමවුනත් රංගනය කියන්නෙ වගකීමෙන් කරන්න ඔිනා එකක්”

ඇය කියන විදියට රංගන ශිල්පිනියක් වීම නිසා ඔිනෑම වයසකදි පෙම් ආරාධනා එන්න පුළුවන් කියලයි.