Celebrity Gossip

‘මගේ විතරයි ඔයා මගේ ලස්සන පණ’ කාටත් ඉරිසියා හිතන සමිතා සහ චිරන්තගේ ආදර වදන්

සමිතා මුදුන්කොටුව සහ චිරන්ත කියලා කියන්නේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක්වන චරිතයන් දෙකක්. ගායන ලොව තුල පෙරළිකාර චරිතයක් වන සමිතා මුදුන්කොටුව මහත්මියට ඇත්තේ ඇයටම ආවේනික වූ අද්විතීය කටහඬක්. ඒ නිසාම තමයි ඇය ගායනා කරන සෑම ගීතයක්ම ඉතාම මිහිරි ලෙස රසිකයන් පිනවන්නෙ. ඇය පළමු වරට විවාහ වන්නේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පියෙක් වන අතුල අධිකාරි මහතා සමගයි. ඉතාම ආදරණීය විදිහට ඔවුන් දෙදෙනා පවුල් ජීවිතය ගත කළ අතර ඔවුන් දෙපළට කාවින්දයා අධිකාරි සහ shen අධිකාරි නමින් ආදරණීය දරුවන් දෙදෙනෙක් ද සිටිනවා.

කාවින්දයා අධිකාරි නම් මේ වෙනකොටත් තම දෙමවුපියන්ගේ අඩි පාරේ යමින් සංගීත ලොව තුළ ඇයගේම ගීත නිර්මාණයන් ගායනා කරමින් කාගෙත් ආදරය දිනා ගනිමිනුයි සිටින්නේ. ඉතින් අතුල සහ සමිතා ඉතාම ආදරණීය විවාහ ජීවිතයක් ගත කළත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාම එම විවාහයට සමු දීමට ඔවුන් තීරණය කරනවා. ඒත් ඉතින් ඔවුන් දෙදෙනා තවමත් ඉතාම සුහදශීලී ව තමයි සිටින්නේ. ඉන්පසු අතුල අමායා අධිකාරි නම් තරුණියක් සමඟ විවාහ වන අතර ඔවුන් දෙදෙනාටත් දියණියක් සිටිනවා. ඒත් ඉතින් මේ වෙනකොට ඔවුන් දෙදෙනාගේ විවාහ යත් බිඳීගොස් තමයි තියෙන්නේ.

ඉතින් සමිතා මුදුන්කොටුව කාලයක් දරුවන් දෙදෙනා සමග තනිව ජීවත් වුනු අතර ඉන් පසුව ඇයගේ ජීවිතයට ප්‍රේමය අරගෙන චිරන්ත නම් කඩවසම් තරුණයෙක් පැමිණෙනවා. Tik tok මාධ්‍ය ජාලය ඔස්සේ කා අතරත් ප්‍රසිද්ධ ඔහු සමිතා මුදුන්කොටුවගේ හිත සොරා ගැනීමට සමත් වනවා. ඉතින් ඒ නිසාම ඔවුන්ට දෙපල කාගේත් ආශිර්වාදය මැද විවාහ වන අතර මේ වන විට ඉතාමත් සතුටුදායක විනෝදකාමී ආදරණීය ජීවිතයක් ගත කරනවා. ඉතින් පසුගිය දිනකදී සමිතා මුදුන්කොටුව දැමූ එක්තරා පෝස්ටුවකට චිරන්ත ඉතාම ආදරණීය කමෙන්ටුවක් පල කරලා තිබුණා. ඒ තමයි,

” මගේ ලස්සන පණ “ යනුවෙන්. ඉන්පසු සමිතා මුදුන්කොටුව එයට පිළිතුරු කමෙන්ටුවක් ලෙස මෙලෙස සටහන් කරලා තිබුණා. ” මගේ විතරයි ඔයා “ ඉතින් ඔවුන් දෙදෙනාගේ මේ ආදරණීය වදන් වලට බොහෝ දෙනාගේ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබුණු බවත් අපට දකින්නට පුළුවන් වුණා. ඉතින් ඔවුන් දෙදෙනාට හැමදාමත් මේ වගේ ආදරෙන් ජීවත් වීමට පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.