Celebrity Gossip

අපිට එකට ඉන්න බැරි වුණත් දරුවන්ගේ ජිවිතවල අම්මා තාත්තා කියන දෙන්නා ඉන්න ඕනේ – ගයත්‍රි ඩයස්

ගයත්‍රි ඩයස් කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය රූපලාවන්‍ය ක්ශේත්‍රය ඔස්සේත් නමක් දිනාගෙන සිටින දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වනවා. ඉතින් ඇය තුළ ඇති තාත්වික රංගන හැකියාව නිසාම බොහෝ ශ්‍රී ලාංකික රසික රසිකාවියන් ඇයට ප්‍රිය කරනවා. ඉතිං ඔබ අප කවුරුත් දන්නා පරිදි ඇය විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දැවැන්තයෙකු වන චන්න පෙරේරා සමඟයි.

ඔවුන් දෙපළට ආදරණීය දියණියන් දෙදෙනෙක් ද සිටිනවා. නමුත් ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට ඔවුන් දෙපළ වෙන වෙන ම තමයි ජීවත් වෙන්නේ. නමුත් ඔවුන් දෙදෙනා අතර කිසිදු සිත් අමනාපකමක් නොමැති බව පසුගිය දිනක දී අපට පසක් වූවා. ඒ තමයි ඔවුන්ගේ වැඩිමහල් දියණියගේ උපාධි ප්‍රදානෝත්සවය වෙලාවෙදි චන්න පෙරේරා සහ ගයත්‍රි ඩයස් යන දෙපළම සහභාගි වී සිටිය නිසා. ඉතිං ඒ ගැන මාධ්‍යවේදියකු විමසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” ගොඩක් අය දක්වලා තිබ්බේ හොඳ ප්‍රතිචාර. මම ඒකට සතුටුයි. පවුලක් හැටියට තමන්ගේ දරුවන්ගේ දේවල් වලදී එකට ඉන්න ඕනේ. අපි සමහර වෙලාවට ජිවිතේ ගන්න තීරණ වලදී යම් යම් අවස්ථාවන් හි නොගැලපීම් තියෙනකොට හිත් වලින් ඈත් වෙනකොට අපි දෙන්නා විතරක් ඈත් වෙලා ජිවත් වෙන්න පුළුවන්. නමුත් දරුවන්ගේ වැඩ වලදී අම්මා තාත්තා කියන චරිත දෙක එකට සහභාගීවෙන්න බැරි තරම් වෛරක්කාරයෝ වෙන්න බැහැ කවදාවත්. ඒ නිසා මම මගේ ජිවිතේ සහ චන්න අයියා එයාගේ ජිවිතේ අත්වින්ද ලොකුම දේ තමයි අපි දෙන්නාගේ ප්‍රශ්න එක්ක වෙන්වීමක් වුණත්, වෙනත් විවාහ වලට ගියේ නැහැ.

එහෙම වෙන්නේ නැහැ කියන තැන අපි හිටියේ අපිට ගැහැණු දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මිනිස්සු ඕනේ තරම් කතන්දර කියයි. ඒ කතා වලට සැලි සැලි අපේ ජිවිත සහ දරුවන්ගේ ජිවිත විනාශ කරගෙන කාටවත් එක එක පාට කරපු කඩදාසි වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මම දකින දේ තමයි අපිට එකට ජිවත් වෙන්න බැරි වුණත් අනිවාර්යෙන්ම දරුවන්ගේ ජිවිතවල විශේෂ අවස්ථාවන් හැම එකකම අම්මා තාත්තා කියන දෙන්නා අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒ නිසා දරුවන්ගේ වැඩ වලදී අපි පවුලක් විදියට නැවත එකට ඉඳීම පුදුමයක් විය යුතු නැහැ. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය පවුලේ සියලුම වැඩ කටයුතු ඔවුන් සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.