Celebrity Gossip

ලස්සන ඇස් දෙකක් තියන තාම ඇබෑර්තු තියෙන එයා

අද අපි කතා කරන්න යන්නේ දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් තියෙන පුංචි තිරයේ ඉන්න හැඩකාරියක් ගෙන. ස්වාධීන රූපවාහිනියෙන් කලකට ඉහත විකාශනය වුණු හිතුවක්කාරි ටෙලිනාට්‍ය හරහා ගොඩක් අය දැන ගත්තු emasha seneviratne ඒ උනාට එයා ෆීල්ඩ් එකේ hit චරිතයක් වුණේ දෙවෙනි ඉනිමේ සහේලි හරහා උපරිමයෙන් ජනතාව අතරට ගියා. වර්තමානයේ ඇය දෙවෙනි ඉනිමෙන් සමු ගෙන තිබුණත් විවිධ ටෙලි නාට්‍ය හරහා ජනතාව අතරට එනවා.

ඇගේ හැකියාවන් මුලින්ම දකින්නට ලැබුණේ හිතුවක්කාරි ටෙලිනාට්‍ය තුල රන්මිණි .රංගන කුසලතාවය හොඳටම පෙන්නන්න පුළුවන් චරිතයක් කියලා ඒ චරිතය පිළිබඳව ඇය වරෙක ප්‍රකාශ කර තිබුණා.

කෙටි කාලයක් තුළ කලා ක්ෂේත්‍රයේ අය ආපු ගමන් මග පිළිබඳව ඇය කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක් ඇත්තෙන්ම මං ආපු ගමන් මග පිළිබඳව මං හරි තෘප්තිමත් මට ක්ෂේත්‍රයේ වගේම අධ්‍යාපන පැත්තෙ ඉලක්ක කිහිපයක් තිබුණා . දැන් ඒ හැම ඉලක්කයක් ම ජයගෙන සතුටින් ඉන්නවා  මම ඒ පිළිබඳව නිහතමානී සතුටක් විඳිනවා.

භද්‍ර යෞවනයේ පසුවන ඇය තවම අවිවාහක තරුණියක් කාගෙත් ආකර්ෂණය දිනා ගත්තු ඇය විවාහය ආදර සම්බන්ධතා ගැන ප්‍රකාශ කරලා තිබුණේ මෙන්න මෙහෙම අදහසක්.

මට ආදර යෝජනා නම් ගොඩක් එනවා මම දැනට ආදරවන්තියක් නෙවෙයි. ඒක ගොඩක් හොඳට හිතලා ගන්න ඕන තීරණයක් මම විශ්වාස කරන විදිහට අපි අද ගන්න තීරණ මත ජීවිතයේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා බලලා සුදුසු කෙනෙක් ම තමයි තෝරගන්න බලන්නේ. ලොකුම බලාපොරොත්තුව මේ තරම් දුරක් ආව වගේම සතුටෙන් සැනසීමෙන් ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

එමාෂට තමන්ගෙ කලා නිර්මාණ සාර්ථකව කරගන්න මෙන්ම හොඳ ආදරවන්තයෙක් මුණගැහෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.