Celebrity Gossip

education first shooting second තියරියට වැඩ කරන පුංචි මීනා ගේ කතාව

සිරස ටිවි නාලිකාවෙන් දින පහේම විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ කවුරුත් ආදරය කරන චරිතයක් තමයි මීනා කියන්නේ ජනප්‍රිය තලයේ රංගන ශිල්පීන් මීනාගේ රඟපෑම කරට කර ඇය නමින් පහන්දි නෙතාරා වල්පිට. ඇගේ නමට වඩා දැන් ටෙලි නාට්‍යයේ නම ඇයට පටබැඳී අවසන්. මේ පුංචි රංගන ශිල්පිනිය කලකට ඉහත පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුණෙ.මෙන්න මේ වගේ කතාවක්

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක මාමා තමයි මාව මේ චරිතයට තෝරා ගත්තේ ධනුෂ්ක මා මගෙම දාම් ටෙලිනාට්‍ය යෙ චූටි බට්ටිට හිටියේ මම. හැමෝම වගේ මට ගොඩක් ආදරෙයි ඒත් මම බැනුම් අහන වෙලාවලුත් තියෙනවා.

ඒ විදියට හුරතල් කතා කියන මීනා කියන්නේ ඇයට ටෙලිනාට්‍ය පුරාවටම ප්‍රවීණයන්ගේ උදව් උපකාර අඩුවක් නැතුව ලැබුණ කියලා. පවුල් පසුබිම ගත්තොත් තාත්තා පතල් හිමිකරුවෙක් අම්මා නම් රැකියාවක නියුතු වෙන්නැහැ මීනාට තව අයියේක් ඉන්නවා .ඇයි විවාහ මංගල උත්සවයක මල් කුමාරියට හිටපු වෙලේ තමයි ඇයට මුල්ම රංගන ආරාධනාව ලැබිලා තියෙන්නෙ .ඇයට මේ වෙද්දි වෙළඳ දැන්වීම් රාශියක රඟපෑමේ වරම් හිමිවෙලා තියෙනවා

පුංචි මිනා තමන්ගේ අනාගත අරමුණු කිව්වේ මෙහෙමයි මම ආසාවෙන් ඉන්නේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න දැන් නං රඟපාන්නත් ආසයි මේවා බාධාවක් කර ගන්නැතුව ඉගෙන ගන්නවා අම්මා නිතරම දෙන අවවාදය shooting second education first කියලා.

කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන ගමන් රටට වැඩදායි පුරවැසියෙකු ලෙස අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමට ඇයට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු …!!!