Celebrity Gossip

මා වටා එකතු වන්නේ වෙනස් රසයක් හොයන පිරිසක් විතරයි

දුමාල් වර්ණකුලසූරිය කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.සිරස නාලිකාවේ විකාශය වූ voice teen රියැලිටි වැඩසටහන ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර වැඩි වශයෙන් ජනප්‍රිය වූ මොහු ජනතාව අතර වැඩිපුරම කතා බහට ලක් වුනේ “නාද” සංගීත කණ්ඩායමත් සමග ගායනා කරන ලද දියවන්නා කුමාරියේ ගීතය ඔස්සේ ය.වෙනස් රසයකින් සහ නව මුහුණුවරකින් රසික සිත් ඇද බැද තබා ගැනීමට සිය සංගීත පෞරුෂය යොදා ගන්නා දුමාල් මේ වන විට විශාල රසිකයන් පිරිසක් ආකර්ෂණය කරගෙන හමාරයි.පසුගියදා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මොහු සිය ජීවන ගමන පිළිබඳව සහ සංගීත ගමන පිළිබඳව කතා බහට එක් වූයේ මේ අයුරින්.

“මුලින්ම කියන්න ඕනෙ මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 11ක් විතර වෙනවා.නමුත් ප්‍රේක්ෂකයෝ ගොඩක්ම මාව දැනගත්තේ voice teen කියන රියැලිටි වැඩසටහන හරහා.එම වැඩසටහන ඔස්සේ විශාල වැඩක් කරන්නට මට හැකියාව ලැබුණා.ඒ වගේම තමයි නාද සංගීත කණ්ඩායමක් සමග මම කළ දියවන්නා කුමාරියෙ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා.”

“මට තියෙන්නේ වෙනස්ම සංගීත රසයක්.ඉතින් මා වටා එක්වන පිරිස ද මගෙන් සොයන්නේ එවන් අමුතු රසයක්.ඉතින් එම රසික පිරිස ඉතාමත් ම අල්පයි කියලා මට දැනෙනවා.අද මගේ චිත්‍රපට ගීත සහ ටෙලි නාට්‍ය ගීත විශාල වශයෙන් ප්‍රසිද්ධ වුවත් මා තනිවම ගායනා කළ ගීත එතරම් රසික පිරිසක් අතරට යන්නේ නැහැ කියලා තමයි මට දැනෙන්නේ.නමුත් මගේ සංගීත ආරයට වශී වුනු රසික පිරිසකුත් ඉන්නවා.ඉතින් ඔවුන් වෙනුවෙන් මම මේ ලඟදි මගේ පළමු ගීත ඇල්බමය නිකුත් කළා.මගෙ ගීත ඇල්බමයක් නිකුත් කිරීම පිළිබඳව මම මුලින් ඒ තරම් හිතුවේ නැහැ.මමත් ගොඩක් කට්ටිය ඉල්ලනවා වාහනයක යන කොට අහන්න පුලුවන් ජාතියෙ ගීත ඇල්බමයක් නිකුත් කරන්න කියලා.ඉතින් ඔවුන් ගැන හිතට තමයි මම මේක නිර්මාණය කලේ.මෙහි ගීත 150ක් පමණ අඩංගු වෙනවා.ඒ හැම ගීතයක්ම වෙනස්ම රසයක් හොයන රසික පිරිසක් සඳහාම නිර්මාණය වුන ගීත.ගීත ඇල්බමයක් නිකුත් කිරීම පමා කලා වැඩියි කියලා හිතෙන්නේ මගේ රසිකයන් ගේ දැඩි ඉල්ලීම නිසාමයි.ඉන්ද්‍රජිත් මිරිහාන කියන සංගීත අධ්‍යක්ෂකවරයා සංගීතවත් කළ ගීත තමයි මේ ඇල්බම් එකට ඇතුලත් වන්නේ.” කියලා තමයි අවසාන වශයෙන් ඔහු පැවසුවේ.

දුමාල් වර්ණකුලසූරිය කියල කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම හැඩයකින් ගීත නිර්මාණ සිදු කරන අපූරු ගායකයෙක්.ඉතින් ඔහුගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුගේ අනාගතය සඳහා සුබ පතනවා.