Celebrity Gossip

මගේ වැඩ වලට කවුරුත් ඇඟිලි ගහන්නේ නෑ රංගනයයි පවුලයි කියන්නේ දෙකක් – ධනංජය සිරිවර්ධන

ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ කඩවසම් පෙනුමත් තාත්වික රංගන හැකියාවත් නිසා ම බොහෝ රසික රසිකාවියන් ඔහුට ප්‍රිය කරනවා. ඒ වගේම තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ සැබෑ ජීවිතයේදී ත් හරිම නිරහංකාර නිහතමානී චරිතයක්. ඔහුව අපට මේ දිනවල දී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන වීදුරු මල් ටෙලි නාට්‍ය ඔස්සේ දැක බලාගන්න පුළුවන් වනවා. ඒ වගේම තමයි තවත් බොහෝ ටෙලි නිර්මාණ තුළ අපට ඔහුව දැක ගන්නට පුළුවන්.

ධනංජය සිරිවර්ධනගේ සහෝදරයා වන්නේ මධුමාධව අරවින්දයි. ඔහුත් කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයෙක් වන අතර දේශපාලන කටයුතු හා සම්බන්ධ වී සිටින කෙනෙක් වනවා. ඉතිං ඔබ අප කවුරුත් දන්නවා ධනංජය මේ වන විට විවාහ වී පුංචි දියණියකගේ ආදරණීය පියෙක් වනවා. ඔහු විවාහ වන්නේ ෂශිනි සිරිවර්ධන නම් සුන්දර යුවතියක් සමඟයි. ඔහුගේ සුරතල් සිඟිති දියණිය මෞර්යා සිරිවර්ධනයි. ඉතින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ධනංජය පසුගිය දිනකදි ඔහුගේ පවුල් ජීවිතය හා රංගන කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඒ මේ විදිහට.

‘ මගේ රංගන ජීවිතයේ සහ පවුල් ජීවිතය කියන්නේ දෙකක්. ඒ අංශ දෙක පටලවාගෙන මම ජීවිතය ගෙවන්නේ නැහැ. ඇත්තටම මගේ බිරිඳ මගේ වැඩකටයුතු වලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. හැබැයි ඉතින් දුව මෞර්යා ගැන නම් කියන්න බැහැ මට මොන වගේ සහයෝගයක් ලබා දෙයිද කියලා සහ එයාගෙන් මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. මගේ වැඩ කටයුතුවලට මට ගෙදරින් කිසිම බාධාවක් නැහැ. ඇඟිලි ගැසීමක් නැහැ. ඒවා රංගන ජීවිතයට පමණයි. ඒ වැඩ කටයුතු සියල්ල මම මේ ආකාරයෙන් කරගෙන යනවා. ‘

ඒ විදිහට තමයි ඔහු එහිදී අදහස් දැක්වූ යේ. ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය රංගන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු ඔහු සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.