Celebrity Gossip

දිනිතියි සංගීතුයි ඇත්තටම පෙම්වතුන් ද මෙන්න ඇත්තම කතාව

දිනිති වල්ගමගේ කියලා කියන්නේ මේ දවස් වල ටිකක් කතා බහට ලක්වන චරිතයක්. ඒ ඇයට විවිධ රූපවාහිනී වැඩසටහන් වල දී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා. ඉතින් ඇයගේ කතා විලාශයත් හැසිරීමත් හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන් ඇයට විවිධාකාරයේ දෝෂාරෝපණ ඒ දිනවල දී එල්ල කරනු ලැබුවා. නමුත් දිනිති නම් කියන්නේ ඒ දේවල් ඇය වැඩිය ගානකට ගන්නෙ නැහැ කියලා. ඒ වගේම මුහුද මැද නැව තියෙනකං නැව ගිලෙන්නේ නැහැ නැව ඇතුලට වතුර ආවොත් තමයි ගිලෙන්නේ වගේ ඇය ඒ කිසිම දෙයක් ඇඟට ගන්නෙ නැහැල්ලු. ඉතින් කොහොම වුණත් දිනිති වල්ගමගේ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වනවා. ඉතින් ඒ නිසා ඇය ඉතාම කාර්යබහුල චරිතයක්. නමුත් සියලුම වැඩ කටයුතු කළමනාකරණය කරගෙන පිලිවෙලට තමන්ගේ වැඩ කටයුතු කරන බව ඇය දිනක් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.

ඉතින් කොහොම උනත් අද කියන්න යන්නේ මේ දවස් වල කවුරුත් කතාබහ කරන එක්තරා මාතෘකාවක් ගැන. ඒ තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ අතර පෙම් සබඳතාවක් ඇත්තටම තියෙනවාද කියලා. ඉතින් ඔබ කවුරුත් දන්නවනේ සංගීත් සතරසිංහ කියලා කියන්නේ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු පළමු වරට විවාහ වන්නේ උදාරි කෞශල්‍යා සමග වන අතර ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමු දීමට ඔවුන්ට සිදුවුණා. ඉතින් මේ වන විට උදාරි තනිකඩ දිවියක් තමයි ගත කරන්නෙ. නමුත් සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ ඉතාම කිට්ටු ඇසුරක් පවත්වන බවත් ඇය සංගීත්ගේ පවුලේ උදවිය සමගත් ඉතාම සමීප බවත් අපට සමාජ මාධ්‍ය ජාලා තුළ දැක ගන්නට පුලුවන් වෙනවා. ඉතිං ඒ නිසාම ඇයගෙන් එක් මාධ්‍යවේදීයෙක් ඒ පිළිබඳව විමසනව. ඉතින් ඒ වෙලාවෙදි දිනිති දුන්නේ මේ වගේ පිළිතුරක්.

“ මායි සංගීතුයි දැනට හොද යාලුවන් විතරයි. ඇතැම්විට වෙන්න පුළුවන් දේවල් තියෙනවා ඇතැම්විට නොවෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපි දෙන්නගේ ගැළපීමක් තියෙනවා නම් ඉදිරියේ දී එකතුවෙයි ඉදිරියේදී කුමක් වෙයිද කියලා කියන්න බැහැ. අපිට අනාගතය තීරණය කරන්න බැහැ. දැනට ඔහු සහ මම හොදම යාලුවන් පමණයි. ”

ඉතින් කොහොම වුණත් කවුරුත් ආදරය කරන මොවුන් දෙපළගේ ඉදිරි අනාගතයට අපි සුභ පැතුම් එක්කරනවා.