Celebrity Gossip

හිටපු විදිහ නෙමෙයි ඉන්න විදිහයි වැදගත් දිනිතිගෙ ආදරේ නිසා වෙන කවරදාකටත් වඩා මම සතුටින්

කලා ක්ෂේත්‍රය තුළ මේ දවස්වල වැඩිපුරම ජනප්‍රිය චරිතයක් තමයි සංගීත් සතරසිංහ කියලා කියන්නේ. අධ්‍යක්ෂක වරයෙක් , නිෂ්පාදකවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන සුරන් සතරසිංහ ගේ එකම පුතා වන ඔහු මේ දවස්වල අපට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ ඩේමියන් කියන චරිතය ඔස්සේ දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඒ වගේම තමයි ඔහුගේම youtube channel එකක් වන සංගීත් ව්ලොග්ස් youtube channel එකත් මේ දවස් වල රසික රසිකාවියන් අතර ඉතාම ජනප්‍රිය චැනල් එකක් වෙනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නා පරිදි ඔහු පළමු වරට විවාහ වන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උදාරි කෞශල්‍යා සමගයි. ඉතාම උත්සවශ්‍රියෙන් ගත් ඔවුන්ගේ විවාහ මංගල්‍යය සඳහා කලා තරු බොහොමයක් සහභාගි වී සිටියා.

ඒත් ඉතින් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ යම් යම් නොගැලපීම් තත්ත්වයන් නිසාම එම විවාහයට සමුදීම ට ඔවුන් තීරණය කරනවා. ඉතින් මේ වන විට නම් සංගීත් සතරසිංහට නැවත වරක් මංගල සීනු නාද වෙලා කියලා තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ සමග. දිනිති සහ සංගීත් ඉතාම කිට්ටු ඇසුරක් තමයි පවත්වන්නෙ. ඔහුගේ youtube channel එක වන සංගීත් Vlogs youtube චැනල් එකේ දි නිරන්තරයෙන්ම දිනිතිව අපට දැකගන්නට පුළුවන්. ඇය සංගීත්ගේ පවුලේ උදවිය සමගත් ඉතාම කිට්ටුයි . ඉතින් ඇය හා පවතින එම සම්බන්ධයෙන් ගැන එක්තරා මාධ්‍යවේදියෙක් සංගීත්ගෙන් ඇසූ පැනයකට ඔහු පිළිතුරු දුන්නේ මේ විදිහට.

” දිනිතියි මායි පුදුම විදියට ළංවෙලා ඉන්නේ. මටත් වඩා මගේ අම්මයි, තාත්තයි දිනිතිට ගොඩක් ආදරෙයි. මට එයා නැතුව ඉන්නත් බෑ. එයාට මං නැතුව ඉන්නත් බෑ. හැබැයි අපි දෙන්නට දෙන්න ආදරෙයි කියන එක නම් තාම කියාගෙන නෑ. එළියෙ අය දකින්නෙ ඒක ආදරයක් විදියට නම් ඒක ආදරයක් වෙන්න ඇති. මගේ ජීවිතේ අම්මා තාත්තා ඇරුණම එයා තරම් මට සහයෝගය දීල නෑ කිසිම කෙනෙක්.

තව මිනිහෙක්ව තේරුම්ගන්න පුළුවන් කෙනා තමයි ළඟින්ම ඉන්න ඕන. දිනිති ඒක හොඳින්ම තේරුම් අරන් තියෙනවා. මිනිස් ජීවිතවල හැලහැප්පීම් ඕන තරම් තියෙනවා. ඒ මනුස්සයා තව කෙනෙක් එක්ක ජීවත් වෙන විදිය තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව හිටපු විදිය නෙවෙයි. දැන් ඉන්න විදියයි වැදගත් වෙන්නේ. මං ආදරේ අසීමිතව ලබන කෙනෙක්. ජීවිතේ මං බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ආදරයක් මං ලබනවා. ජීවිතේ වෙන කවරදාකටත් වඩා මං සතුටින් ඉන්නවා. ඒ ආදරේ නිසා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.