Celebrity Gossip

එයා ආසම සින්දුව එයා වෙනුවෙන් මම ගයන කොට එයා මගේ ලගටම වෙලා ඉන්න ඇති – දිනේෂ් තරංග

දිනේෂ් තරංග කියන්නේ අද වන විට කොයි කවුරුත් දන්න ජනප්‍රිය ගායකයෙක්. මේ වන විට ඔහු විවාහ වී සිටින අතර ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වැඩිමල් කාන්තාවක් සමග වුවත් ඔවුන් දෙපළ ඉතාමත්ම සාර්ථක ලෙස සිය විවාහ දිවිය ගෙන යනවා.ඒ වගේම තමයි ඔහු දැන් ආදරණීය දියණියන් දෙදෙනකුගේ පියෙක් ද වෙනවා.

බොහෝ දෙනාගේ ආදරය සහ පැසසුම් ඔවුන්ට ලැබුණත් ඔවුන්ගේ මෙම ආදරයට නොයෙකුත් කතා කියන ප්‍රේක්ෂකයන් ද නැතුවාම නොවේ.ඒ නිසාම පසුගිය දිනවල දී ඔහු ඒ පිළිබඳව අපූරු සටහනක් මුහුණු පොතට එක්කර තිබූ බව අප දුටුවා. පසුගිය දිනවලදී ඔහු පිළිබඳව වඩාත් කතාබහට ලක් වූයේ ඔහු 2015දී ගීතවත් කරපු ‘මා නුඹට පෙම් කළේ’ ගීතය ඔහුවත් නොසිතූ ලෙස 2021 වසරේදී ජනප්‍රිය වී කොයි කවුරුත් ආදරය කරන ගීතයක් වීමයි.ඉතින් පසුගිය දිනවලදී ඔහු එම ගීතය සම්බන්ධව මුහුණු පොතට එකතු කර තිබූ අපූරු සටහන පිළිබඳව අපගේ අවධානය යොමු වුණා.ඔහු එහිදී සොහොන් ස්මාරකයක් ලඟ ගිටාරයක් තබාගෙන සින්දු කියන අයුරු දැක්වෙන ඡායාරූපද එහිදී ඔහු එක් කර තිබුණා.ඔහුගේ සටහන මෙලෙසයි.

“සංසාර ගමනේ, හමුවීම් වෙන්වීම් පුරුද අමුතු දේවල් නොවුන අපිට ජීවිතේ සමහර සිදුවීම් තේරුම් ගන්න හැකියාව නැති වෙන අවස්ථාත් නැතුවම නෙමෙයි. 2015 දී කරපු “මා නුඹට පෙම් කළේ” ගීතය, 2021 දී පුදුමාකාර විදිහට මනුස්ස හිත් වලට ලං වෙන්නෙත් “ඒ මොකක්ද ඒ උනේ” කියලා තේරුම් ගන්න ටිකක් අමාරු විදියට. කතාවේ කතා නායකයා “අනුසර”. අවාසනාවකට මම කවදාවත් මුණගැහිලා නැති, මගේ ගීතයට ගොඩක් ආදරය කරපු “අනුසර”ව බලන්න මම ගියා මල්ලි දැන් ඉන්න තැනට. අනුසර එන්න ඇති එතනට මාවත් බලන්න එයා ආසම සින්දුව අහන්න එයා වෙනුවෙන් එයාගෙ ගීතය මම ගයන කොට මගේ ලඟින් ඉන්නත් ඇති සමහරවිට! අනුසර මල්ලි, දැන් යන්න ඔයා නිදහස් වෙලා හොඳම තැනකට. අපි ඉන්නවා මෙහෙ ගමන ඉවර කරලා ඉක්මනින් නිදහස් වෙන්න බලාගෙන.

තාරක මල්ලි, චන්තිල මල්ලි, ආව ඔක්කොම අනුසර ගේ යාලු මල්ලිලාට හදවතින්ම ස්තූතියි, මට මේ ගමන එන්න වටපිටාව හදලා දුන්නට. මගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා, විනෝද්, අසිත, රුසිත්, හෂාන්.. ඔයාලටත් ස්තූතියි මාත් එක්ක මේ අවස්ථාවේ ලඟින් හිටියට!!”

යනුවෙන් තමයි ඔහු මුහුණ පොතට එක්කර තිබුනේ.ඉතින් ඔහුගේ නිහතමානීකම අගය කරන අතරම ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .