Celebrity Gossip

මේ තැනට මාව ගෙනාවෙ මගේ ජාතකේ ගැන පල්හෑලි දොඩවන පිස්සො පිස්සියො නෙමෙයි – දිනේෂ් තරංග

දිනේෂ් තරංග කියලා කියන්නේ මෑත කාලීනව බොහෝ රසික රසිකාවියන්ගේ ඉමහත් ආකර්ෂණය දිනාගත් කඩවසම් ගායන ශිල්පියෙක්. මීවිත පිරුනා මැදියම් රෑ ගීතය ඔස්සේ කාගේත් අවධානය එක පාරෙන්ම දිනාගත් ඔහු සංගීත ලොවේ පෙරළිකාර නාද රටා මැවූ තවත් එක් අපූරු ගායන පෞරුෂයක්. ඒ වගේම තමයි මෑත කාලීන ඔහුගේ නිර්මාණයක් වන හැදුනද රිදුනද හිත මාගේ ගීතයටත් ඉතාමත් ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඔහු විසින් ගායනා කරන හැම ගීතයක්ම වගේ හදවතට දැනෙන ගීත නිර්මාණයක් නිසාම බොහෝ රසික රසිකාවියන් ඒවා ඉතාම ආදරයෙන් වැලඳගන්නවා.

දිනේෂ් තරංග ගැන කතා කරද්දි කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඔහුගේ විවාහය. ඔහු විවාහ වන්නේ ඔහුට වඩා අවුරුදු නමයක් වැඩිමල් කාන්තාවක් සමග. ඔහු ඇයව විවාහ කර ගන්නා විට ඇයට කලින් විවාහයෙන් දියණියක් ද සිටියා. මේ වන විට දිනේෂ් තරංග ටත් ආදරණීය දියණියක් සිටින අතර ඔහු වැඩිමහල් දියණිය ටත් සැබෑම පියෙක් මෙන් ආදරය රැකවරණය ලබා දෙනවා. පසුගිය දිනවලදී ඔවුන් පිළිබඳව වැඩි කතා බහට ලක්වූයේ ඔහුගේ බිරිඳ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට විත් පැවසූ කතාවක් නිසයි. ඒ තමයි දිනේෂ් තරංග ඇන්ටි කෙනෙක් බැන්දේ ඇයි කියන පැනය ඇය සිටියදීම බොහෝ මිනිසුන් ඔහුගෙන් අසනවා යනුවෙනි. නමුත් ආදරයට වයස බාධාවක් නොවන බවත් ඔවුන් ඉතාමත් සතුටින් විනෝදකාමී ව හොඳ අවබෝධයකින් යුතුව ජීවත් වන බවත් ඇය එහිදී පවසා සිටිනවා.

ඉතින් ඊයේ දිනයේ දී දිනේෂ් තරංග සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් ද සමගින් අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඒ මේ විදියට.

” මේ ඉන්නේ මගේ කසාදෙ ගැනවත්, මගේ ජාතකේ ගැනවත්, මගේ චරිතෙ ගැනවත්, මගේ ජීවිත ගමන ගැනවත් අබමල් රේණුවක තරම්වත් නොහිතන “හැබැයි” මගේ නිර්මාණ වලට “විතරක්” පෙම් බැඳපු මේ අමුතු ඇටේම අහිංසක කොල්ලො කෙල්ලො ටිකක් මතක තියාගන්න මට ප්‍රසිද්ධ වෙන්න මට සොබාදහමෙන් දුන්න කටහඬයි, මේ වගේ අවංක මිනිස්සුන්ගෙ ආදරෙයි හොඳටම ඇති “මීවිත පිරුණා” ඉඳලා “හැදුනද රිදුනද” වෙනකන් මාව අරන් ආවේ පල්හෑලි දොඩවන පිස්සො පිස්සියො නෙමෙයි, 2009 ඉදන් එස්එම්එස් ගහලා, ෂෝස් බලන්න ඇවිත්, ඩේටා කපාගෙන මගේ නිර්මාණ අහපු සහ බලපු “සාමාන්‍යය මිනිස්සු” විතරමයි

ඒ වගේම මාව නවත්තන්න පුළුවන් වෙන්නෙ සොබාදහමට විතරමයි මෑත කාලයේ මාව වට්ටන්න දඟලපු/විනාශ කරන්න හැමදේම කරපු අවජාතක උන්, මට මඩ ගහලා දාන පෝස්ට් ශෙයා කරන්න සහ ඒවට රිඇක්ට් කරන්න තරන් තැනකට වැටිලා අද විඳවනවා. මොකද උන් තාම එතනමයි. ඇත්තටම උන් පව් එදාට වැඩිය අද මගේ පපුව වගේම මගේ අත් දෙකත් පට්ට හයියයි. එතනට මාව අරන් ආපු ආදරණීය ඔබට “ගොඩක් ස්තූතියි” With My Band Volare Music Band “ ඉතින් කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.