Celebrity Gossip

ප්‍රවීණ ජීව විද්‍යා ගුරු දිනේෂ් මුතුගල අනතුරකට ලක් වී රෝහල්ගත කරයි

දිනේෂ් මුතුගල කියල කියන්නේ ලංකාවේ සිටින අති දක්ෂ ප්‍රවීණ ජීව විද්‍යා ගුරුතුමෙක්. දස දහස් දුවා දරුවන්ගේ නෙත් පාදන ඔහු සැබැවින්ම කාගේත් ආදරය දිනාගත් ආදරණීය ගුරු පියෙක් වනවා. දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා ඔහුට ප්‍රිය කරන්නේ ඔහුගේ ඇති ගුණගරුක ඇවතුම් පැවතුම් නිසා ම යි. දේශන වලට එහා ගිය ජීවිතය බොහෝ දෑ කියාදෙමින් දරුවන්ගේ ජීවිත එළිය කිරීමට නිරන්තරයෙන් ම ඇප කැප වී වැඩ කරන ඒ ආදරණීය ගුරු භවතා ගැන අද දිනයේ දී අපට ආරංචි වන්නේ ඒතරම් සුබ දායක පුවතක් නම් නෙවෙයි. ඒ අද දිනයේ දී ඔහු හදිසියේම අනතුරකට ලක් වී ඇති පුවතයි. ඉතින් ඒ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයෙ පුවත් පැතිරෙන බව අප දුටුවා. බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් බොහෝ දෙනා ඔහුට ඉක්මන් සුවය පතා ආශිර්වාද කර ඇති බවත් අපට දැකගන්නට ලැබුණා.

ඔහු මේ වන විට තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව තමයි අට දැනගන්නට ලැබෙන්නේ. ඔහු ගමන්ගත් රථය අද (21) අලුයම ඇතුගල්පුර අධිවේගී මාර්ගයේ නාරම්මල පිවිසුම ආසන්නයේදී අනතුරට ලක්වී ඇති අතර අනතුරෙන් තවත් සිව් දේනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව තමයි වැඩිදුරටත් අපට වාර්තා වන්නේ.

ඉතින් කවුරුත් ආදරය කරන සහ ගෞරව කරන මේ ආදරණීය ගුරු පියාණන්ට ඉක්මන් සුවය ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.