Celebrity Gossip

අපේ ටැලන්ට් එක නෙමෙයි සම්මුඛ පරීක්ෂණ වලදී බැලුවේ ඒ නිසා ගොඩක් දුක හිතුනා – ඩිලුක්ෂි වීරපෙරුම

ඩිලුක්ෂි වීරපෙරුම කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ ලොක්කී ටෙලිනාට්‍යයේ ප්‍රවීණා කියන නමින්.ඊටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් ‘අනා’ කියන නමිනුත් හඳුන්වනවා.ඉතින් මේ ආදරණීය රුවැත්තිය 2016 වසරේ දී කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන අතර ඉතාම කෙටි කාලයක් තුළදී ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායකවීමට ඇයට හැකියාව ලැබුණා.ඉතින් ඒ නිසාම බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය දිනා ගැනීමට ඇයට පුළුවන් වුණා.මේ දිනවල දී ජනතාව අතර වැඩිපුර කතා බහට ලක්වන චරිතයක් වන ඩිලුක්ශි පිළිබඳව අද අපි කතා කරන්න සිතුවා.ඉතින් ඇය ඇගේ කතාව පටන් ගත්තේ මෙහෙමයි.

“මේ දවස් වල ධරණී ටෙලිනාට්‍ය සමඟ තමයි වැඩ කටයුතු සිදුවෙන්නෙ සහ ලොක්කි ටෙලිනාට්‍යය බොහෝ ප්‍රතිචාර මැද අවසන් වුණා.ඒ අවසානය සමඟ අලුත් වැඩකටයුතු වලට ආරාධනා කිහිපයක්ම ලැබුණා.ඒ දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නෙ.

ඇත්තටම මම රංගන ශිල්පිනියකට වඩා මට පොඩි කාලේ ඉදන්ම ආසාව තිබුණෙ නර්තන ශිල්පිනියක් වෙන්න. මම භරත ඩිප්ලෝමා එකක් කරලා තියනවා. සබරගමු කතක් ඔක්කොම ඉගෙන ගෙන තියනවා. මම නර්තනයට ගොඩක් ආදරේ කළා. පසුව මට තේරෙන කාලය වෙනකොට ඇක්ටර්ස් කෙනෙක් වෙන්න අවශ්‍ය වුණා. මම අම්මට කිව්වා මට ඇක්ටර්ස් කෙනෙක් වෙන්න අවශ්‍යයි කියලා. කොහොමහරි ලොකු කට්ටක් කාලා මේ ෆීල්ඩ් එකට එන ගමන පටන් ගත්තා.

සම්මුඛ පරීක්‍ෂණවලට ගියාම මම කළුයි, එහෙමත් නැත්නම් මම කොටයි කියලා ඒ චරිතයට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්‍ෂේප වුණා. අපේ ටැලැන්ට් එක නෙවේ බැලුවේ. අභ්‍යන්තරය බලලා තමයි චරිතවලට තෝරාගන්න උත්සාහ කළේ. ඒ අවස්ථාවලදී මට ගොඩාක් දුක හිතුණා එහෙම කියද්දී.

මම ෆීල්ඩ් එකට එන්නෙ 2016. නමුත් මාව ජනප්‍රිය වුණේ ලොක්කි ඩ්‍රාමා එකෙ ප්‍රවීණගෙ චරිතය හරහා. මම ගොඩක් නපුරු චරිත කළේ. ඒ චරිතවලට ගොඩක් අය බැන්නා. නමුත් ලොක්කි එකෙ ප්‍රවීණා කියන්නෙත් නපුරු චරිතයක් වුණාට කමෙන්ට්ස් වල තියනවා පළවෙනි වතාවට තමයි විලන් කෙනෙක්ට ආදරේ කළේ කියලා. ප්‍රේක්ෂකයෝ ඩ්‍රාමා එකෙ අනා කියන වචනයට තමයි ගොඩක් අය ආදරේ කළේ. ” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතිං ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.