Celebrity Gossip

මම ආසම චූලාක්ෂිට තරුණියන්ගෙ හිත් කඩමින් කඩවසම් ඉෂාර මධුෂාන් කී කතාව

ඉෂාර මධුෂාන් කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින නවක රංගන ශිල්පියෙක් වුවත් ඔහුව නොදන්න රසිකයෙක් නම් ලංකාවෙ නැතුව ඇති. අවුරුදු කුමාරයෙක් ලෙසින් කොයි කවුරුත් හඳුනාගත් ඉෂාරට මේ දවස් වල බොහෝ දෙනා අමතන්නේ රදීශ් කියන නමින්. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලි නාට්‍යය තුළ ඔහු රඟ දක්වන රදීෂ් කියන චරිතය නිසා. ලිහිණිගේ පෙම්වතා ලෙසින් පෙනී සිටින ඔහුට ශ්‍රී ලාංකිකයින් බොහෝ රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ ඉමහත් ප්‍රතිචාරයක්.

ඒ වගේම තමයි ඔහු මේ දවස්වල ගුරුවරයෙක් විදිහටත් දහසකුත් දුවා දරුවන්ගේ නැණස පාදනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් උපාධිධාරී ඉංජිනේරුවරයෙකු වන ඔහු මේ වන විට ව්‍යාපාරික අංශයෙන්ද ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරිකයෙක් වනවා. ඉතින් තරුණියන්ගේ අාකර්ෂණය නිරන්තරයෙන්ම ඔහු වෙත යොමු වීම ඉතාම සාමාන්‍ය දෙයක්. ඔහු කුඩා කාලයේ දී නිවේදනයට ඉතාම දක්ෂ අයෙක් වන අතර සමස්ත ලංකා මට්ටමෙන් ද නිවේදනය සඳහා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඉතින් ආධුනික රංගන ශිල්පියෙක් වන තම රංගන අත්දැකීම පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ මේ විදියට.

” මම රංගනයට ආධුනිකයි. මම කලින් මියුසික් වීඩියෝවල රඟපාලා තිබෙනවා. ලංකාවේ ට්‍රෙන්ඩින් වුණු මියුසික් වීඩියෝ කිහිපයකම රඟපාලා තිබෙනවා. ඒවාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. ටෙලි නාට්‍ය මියුසික් වීඩියෝවලට හාත්පසින්ම වෙනස්. මට මුලින්ම රංගනයේ යෙදෙන එක ටිකක් අමාරු වුණා. මේ වෙනකොට මම ක්‍රම ක්‍රමයෙන් මගේ හැකියාවන් වැඩිදියුණු කරමින් ඉදිරියට යනවා

මම රංගන ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඉන්නේ දෙවෙනි ඉනිමේ මිලාන්. ඉතින් මම ක්ශේෂ්ත්‍රයේ නිලියන් අතරින් කැමතියි චුලක්ශි රණතුංග එක්ක රගපාන්න. මම එයාට ආසයි. මම බලන්නේ රංගනය ගැන හොදින් දැනගෙන හොද නිර්මාණ කරලා සමාජයට හොද දෙයක් දෙන්න වගේම මගේ දරුවන්ට හොදට උගන්වන්න.’’

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ගැන ප්‍රාර්ථනා කරනවා.