Celebrity Gossip

සමහර කෙල්ලෝ මට මැසේජ් එවලා තිබුණා. එයා මගේ මහත්තයා නිසා එයා මගේ විතරයි – දසුන් ශානකගේ බිරිඳ

Dasun shanaka කියලා කියන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිලේ නව ක්‍රිකට් නායකයා වෙනවා. ඉතාමත්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඔහුට ශ්‍රී ලාංකීය මෙන්ම ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගෙන් ලැබෙන්නේ ඉමහත් වූ ප්‍රතිචාරයක්. පසුගිය දා පැවැත් වූ ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකර ගැනීමට හැකි වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට මහත් වූ ශක්තියක් වූයේ නායක දසුන් ශානකයි. ඔහුගේ මඟ මගපෙන්වීම යටතේ දක්ෂ ලෙස පිටිය තුළ තරග කළ අපේ සිංහයන් අද දිනයේ දී ශ්‍රී ලංකා වෙත ලඟා වූ අතර සුවහසක් ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගෙන් ඔවුන්ට ලැබුණේ ඉහලම ප්‍රතිචාරයක්.

ඉතින් dasun shanaka ගැන කතා කරනකොට කතා නොකරම බැරි නොකර බැරි මාතෘකාවක් තමයි ඔහුගේ ආදරණීය බිරිඳ. ඔහුව මේ තරම් ඉහළට ගෙන එන්නට ඇයත් මහත් වූ දායකත්වයක් ලබාදුන් බව කිව යුතුමයි. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුව මුණ ගැසුණු ගැසුනු ආකාරය සහ ඔහුට ලැබෙන ප්‍රතිචාර ඇය බාර ගන්නේ කෙසේ දැයි ඇසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” ඇත්තටම අපි දෙන්නගෙ හමුවීම අහම්බයක්. මම ඒ දවස්වල ක්‍රිකට් ගැන උනන්දු වුණේ නැහැ. අපි දෙන්නා අඳුනගන්න පටන් ගත්තට පස්සේ තමයි මම දැනගත්තේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. අපිත් එක්ක ඉන්නකොට එයා සාමාන්‍ය කෙනෙක්. අදත් එහෙමයි. අම්මලා තාත්තලාගෙන් ආශිර්වාදය ලැබුණත් අපි නිතර මුණගැහුණේ නැහැ. එයා මාව බලන්න අපේ ගෙදර ආවා. එයාව අවුරුදු දෙකක් දැනගෙන ඉඳලා අපි විවාහ වුණා. මම හිතන්නේ මේ කාලය තුළ ඔහුට සම්පූර්ණ නිදහස ලබා දිය යුතුයි.

අපි විවාහ වුණේ අවුරුදු දෙකක් ආදරය කරලා. එයාගේ ආදරේ මට හැමදාම තියෙනවා. එයා මගේ මහත්තයා නිසා එයා මගේ විතරයි. ඒ නිසා තරුණ ගැහැණු ළමයින්ගෙන් ඔහුට ලැබෙන ප්‍රතිචාර ගැන මම කිසිවිටක කලබල වන්නේවත්, කරදර වන්නේවත්, ඊර්ෂ්‍යා කරන්නේවත් නැහැ. සමහර කෙල්ලෝ මට මැසේජ් එවලා තිබුණා මැච් එක දිනලා දසුන් එයාලගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙලා කියලා. මමත් ඒවාට උත්තර දුන්නා. එය සතුටක්. ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්න දසුන් වාසනාවන්තයි. “

ඉතින් හැමදාමත් මේ සතුට ඔවුන් අතර රැදේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම දසුන්ගේ ඉදිරි අනාගත ක්‍රිකට් කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.