Celebrity Gossip

ගොඩක් පිටපත් වල තියෙන්නෙ පුහු වල් පල් හෑලි ඒවායේ රඟපෑවම යාලුවෝ මට බනිනවා – දසුන් පතිරණ

ශ්‍රී ලාංකීය සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය කලාවේ බොහෝ සම්භාව්‍ය ගණයෙහි ලා සැලකෙන නිර්මාණයන් තුළ සිය දස්කම් පෙන්වන අපූරු තරුණ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ. ගිරිදේවි වැනි විශිෂ්ට ටෙලි නිර්මාණයන් තුළ මෙන්ම මාරියා , සීරුවෙන් වැනි එකිනෙකට වෙනස් වූ අත්දැකීම් ඇති සිනමා නිර්මාණයන් තුළත් ඔහු ඔහුගේ තාත්වික රංගන හැකියාව විදහා දක්වලා තිබෙනවා. කලා ලොව තුල සිටින දැවැන්ත රංගන පෞරුෂයක් වන මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ ගෝලයෙකු වන දසුන් මේ වන විට ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වී අවසානයි. ඉතිං පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව රසිකයන් නොදත් බොහෝ දෑ පවසා සිටියා.

ඔහු පවසන ආකාරයෙන් නවක රංගන ශිල්පියෙක් විදියට ප්‍රවීණයන්ගේ ආභාෂය ලැබිය යුතුමයි ලු. ඔවුන් මහා පුරුක් ලෙස සඳහන් කරන ඔහු ඔහුගේ ගුරුවරයා වන ප්‍රවීණ රංගන ශිල්පී මහෙන්ද්‍ර පෙරේරා කතා පිළිබඳව සඳහන් කරන්නටත් අමතක කළේ නැහැ.

” මගේ ගුරුවරයා මහෙන්ද්‍ර පෙරේරා. ඔහු හැමදාම අපට කියලා දුන්නේ ප්‍රවීණයන්ගේ ආභාෂයෙන් තමයි අපි මේ ගමන යා යුත්තේ කියලා. ඒ වගේම හොඳම ගමන යන්න පුළුවන් වෙන්නෙත් එහෙමයි කියලා. මම ඒ පිළිවෙත දැඩිව විශ්වාස කරනවා. ඒ නිසයි මම මේ තැන ඉන්නේ කියලත් කියන්න පුළුවන්. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔහු පිටපතක චරිත තෝරා ගැනීමේදී වඩාත් අවධානයක් යොමු කරනවා ලු. නාට්‍යයක නිකන් දිරාගිය පරඬැලක් වැනි චරිත නොතිබිය යුතුයි කියලා තමයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහු චරිතයට අනුගත වෙන්නෙ ප්‍රේක්ෂකාගාරය ඔහුගෙන් ඉල්ලන දේ දෙන්න පුළුවන් නම් විතරලු. තිර පිටපත් ගැන ඔහු දක්වන්න මේ වගේ අදහසක්.

” ගොඩක් පිටපත් කළ තියෙන්නේ සමාජයට යහපත් වන දේවල් වත් කතා කරන දේවල් වත් නෙවෙයි. පුහු වල් පල් හෑලි. ඒවායේ රඟපෑවම සමහර එවුන් මගෙන් අහනව උඹට පිස්සුද අර නාට්‍යයේ රඟපෑවෙ කියලා. මගේ යාලුවෝ හිතමිත්‍රාදීන්ගෙන් බැනුම් අහනවා ට වඩා හොඳයි හොද නාට්‍යවලම රඟපානවා කියලා හිතුවා. ඒ නිසා ඒ ප්‍රතිපත්තියේ ම මම දිගටම ඉන්නවා. “

ඉතිං තවත් බොහෝ කරුණු එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පවසා සිටියා. කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පියාගේ සියලුම වැඩකටයුතු ඔහු සිතන පතන විදිහට ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.