Celebrity Gossip

අවුරුදු 14ක් තුළ මේ දෙමල මනුස්සයා පෙන්නුවා කලාව තුළින් මේ රටම දිනාගන්න පුළුවන් කියලා

නිරන්ජනී ෂන්මුගරාජා කියලා කියන්නේ සිංහල සිනමාව තුළ මෙන්ම දමිළ සිනමාව තුළ සිය තාත්වික රංගනය ඔස්සේ ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගේ නිරන්තර ආදරය සහ ආකර්ෂණය දිනාගත් අපූරු රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වූ පළමු සිනමාපටයෙන් ම හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට සමත් වූ ඇය සුනාමි , ඉනි අවන් , මාතා වැනි සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණයන් තුළ සිය අග්‍රගන්‍ය රංගන හැකියාව විදහා දැක්වූවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පහුගිය දවස්වල කලා ලොවෙන් අපට අහන්න ලැබුණේ ඉතාමත්ම කණගාටුදායක ආරංචියක්.

ඒ තමයි අපි කවුරුත් ආදරය කරන ද්‍රවිඩ රංගන ශිල්පියෙක් වන දර්ශන් ධර්මරාජ මහතාගේ හදිසි නික්මයාම. හදිසියේ ම ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලොවින් සමුගත් ඔහු සැබවින්ම සැබෑ ජීවිතයේ ඉතාමත්ම නිරහංකාර නිහතමානී චරිතයක් වුණා. ලොකු කට්ටක් කාගෙන රංගන දිවියට ප්‍රවිශ්ඨ වන ඔහුගේ මෙම නික්ම යෑම කලා ලොවට මහත් පාඩුවක්. ඒ නිසාමයි ජාති භේදයකින් තොරව ඔහු වෙනුවෙන් මුළු ශ්‍රී ලංකාවක් ම සංවේග වන්නේ. ඉතින් පසුගිය දිනකදී ඔහුගේ මෙම වියෝවෙන් කණගාටුවට පත්වන ඔහු සමග රංගනයෙන් දායක වූ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිරංජනී ඔහුගේ අවසන් කටයුතු සිදු කරන මොහොතේදී ඉතාමත්ම සංවේගී කතාවක් පැවැත්තුවා. ඒ මේ විදියට.

“අපි හැමෝම දන්නවා 2008 කියන්නේ ලංකාව දෙමල මිනිස්සුන්ට වෛර කරපු කාලයක් කියලා. 2008 දීම මේ දෙමළ මිනිහා එනවා ශ්‍රී ලාංකේය සිනමාව ජයගන්න ඕනේ කියලා. අවුරුදු 14ක් තුළ මේ දමිල මනුස්සයා පෙන්නුවා කලාව තුළින් ආදරය තුළින් මේ රටම දිනාගන්න පුළුවන් කියලා. මම ඔයාලගෙන් ඉල්ලන එකම දේ මේක. අවුරුදු 14ක් පුරාවටම එයා අහන්න කැමති වුණ වචන තුනයි තිබුණේ. ඒ action, cut සහ තමන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ගේ අත්පොලසන් නාදය.

මම දන්නවා මේ මොහොතේ එයා ඔයාලා ඔක්කොම දිහා බලාගෙන ඉන්නවා. එයා දන්නවා මුළු ලංකාවම මෙතනට ඇවිල්ලා ඉන්නවා කියලා. පුළුවන් නම් ඒ දක්ෂතාවයෙන් පිරුණු ඒ කලාකරුවාට, මගේ සහෝදරයාට ඔයාලා උපරිම හයියෙන් අත්පොලසන් නාදයක් දෙන්න. ඒක තමයි එයාට අපිට කරන්න පුළුවන් උපරිම ගෞරවය. “

ඉතින් අපි කවුරුත් ආදරය කරන දර්ශන ධර්මරාජ් කලාකරුවානනි ඔබට නිර්වාණ සුවයම අත් වේවා.