Celebrity Gossip

ආදරය කියල කියන්නේ සිල්ලර දෙයක් නෙවෙයි – ධනුක දිල්ෂාන්

ධනුක දිල්ශාන් දිල්ෂාන් කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.විවිධාකාර වූ මියුසික් වීඩියෝස් ඔස්සේ රසිකයාගේ හදවත ආක්‍රමණය කර ගත් ඔහු පසුගිය දිනවලදී වැඩියෙන්ම ආදරය දිනා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය ඔස්සේයි.ඒ වගේම තමයි ඔහුව අපට මේ දිනවල දී පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යය ඔස්සේ දැක බලාගන්නට පුළුවන්.ඇත්තෙන්ම ඔහු රංගන ක්ෂේත්‍රය තුළ සිටින නිහතමානි රංගන ශිල්පියෙක් වන අතර පසුගිය ගෙවුණු කාල වකවානුව තුළදී පිළිබඳව විවිධ කටකතාද ප්‍රචාරය වන්නට පටන් ගත්තා.අද අපි කතා කරන්න යන්නේ ඔහු පිළිබඳව.ඔහුගේ කතාවට මූලාරම්භය ගත්තේ මේ අයුරින්.

“ඇත්තටම මම කුඩා කාලයේ ඉඳන්ම රංගනයට ගොඩක් කැමතියි.ඒ නිසාම තමයි ක්‍රිකට් ක්‍රීඩාව අතෑරලා මේ ක්ෂේත්‍රයට එන්නෙත්.ඒත් මම දෙවැනි පෙළ තරග වලට තවමත් සෙල්ලම් කරනවා. හැබැයි මම මෙගා නාට්‍යවල රඟපාන්න කැමැති කෙනෙක් නෙවෙයි.මොකද වර්තමානයේ බිහිවන අලුත් නිර්මාණවල කිසිදු හරයක් නැහැ.මම කැමති විශිෂ්ට ගණයේ හරවත් නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන්න.

අපි ජීවිතේ කරන එක දෙයක් හෝ හරියට කරන්න ඕන.ආදරය කියන්නෙත් ඒ වගේ දෙයක්.මම මුලින්ම ආදරය කරන්න පටන් ගත්තේ 11 වසර සිටින කාලයේදී.ඒ දවස් වල එයාව බඳින්න ඕනෑ කියලා මම ගෙදරට කිව්වා.තුන් හතර වතාවක්ම ගෙදරට කිව්වත් ඒක හරිගියේ නැහැ.පසුකාලීනව මට සියල්ල අවබෝධ කරන්න පුළුවන් තත්ත්වයකට ආවම ආදරේ කියන්නෙ සිල්ලර දෙයක් නෙවෙයි කියන දේ මට වැටහුණා.ආදරය කියන්නේ විවාහ නොවුණත් පිරිසිදු දෙයක්.මට දැන් වසර හතරක පහක කාලයක ඉඳන් පෙම්වතියක් නැහැ.

විවාහය කියන දේට මම හිතන විදියට ක්ෂේත්‍රය අදාළ වෙන්නේ නැහැ.ඒක සාපේක්ෂ දෙයක්.ඒත් අපේ අම්මලාගේ තාත්තලාගේ කාලයේදී තිබූ ස්වභාවයට වඩා අද ආදරය කියන දේ වෙනස්.තාක්ෂණයේ පහසුවත් එක්ක ප්‍රේමය සහ ප්‍රේම කරන විදිහත් වෙනස් වෙලා කියලා තමයි මට හිතෙන්නේ.නමුත් මම දකින විදිහට නම් ප්‍රේමය ට කලින් මිනිස්සු සාරධර්ම සහ සංස්කෘතිය වටහා ගන්න ඕනෑ.

මම ගොඩක් ජර්මනියෙ තමයි ඉන්නේ.මොකද මගෙ නංගි බර්ලින්වල විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබනවා.ඒ වගේම මාත් ප්‍රංශයේ රංගනය පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරනවා.ඒ නිසා විදෙස් ගත වෙලා ඉන්න එක මට පහසුවක්.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.