Celebrity Gossip

එයාගේ දඟවැඩ ඉවසන්න බැරි තරම් – ධනංජි තාරුකා

මුල් කාලෙ ඇගේ රංගනය තුල හමුවුනු චරිත ටිකක් රස්තියාදු පෙනුම තිබුන නිසාම ඒ වගේ චරිත වලට ඇය බෑ කිව්ව බවත් ධනංජි පවසනවා. ” ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තිබුනු ඇතැම් චරිත වලදි ඒකාකාරීවුනු අවස්ථා මට පෙනුන නමුත් ඒ හැම වතාවෙම මම කලේ ඊට වෙනස් නාට්‍යයක් ලැබෙන තුරා ඉදීම.ඒ අතරතුර තමයි මට සිනමාවට ⁣එන්න ලැබුනෙ” ධනංජි සිනමාව තුල මුලින්ම දකින්න ලැබෙන්නෙ සීමා නෑ අකාසේ චිත්‍රපටිය තුලයි.ඒ වගේම ඊට පසු මහේන්ද්‍ර පෙරේරා රංගන ශිල්පියා ප්‍රධාන චරිතය රගපාන වැලි පවුර චිත්‍රපටියේත් දකින්න ලැබුනා.

” ක්ෂේත්‍රයේ හැම කෙනෙකුම වගේ මට උදව් කලා.පුංචි කාලෙ ඉදන්ම රංගනයට තමයි කැමැත්ත තිබුනෙ.මම හිතනව පස්සෙ කාලෙ ඒ හැම දේකටම ආවෙ.ඉතින් ⁣ඒ විතරක්ම නෙවෙයි උනන්දුව වගේව කැපවීම තියෙන්නත් ඔිනා. ඇය මෙි වෙද්දි විවාහවෙලා ඉන්නෙත් මොඩ්ලින් වලින් කවුරුත් හදුනන සුදම් දෙනවක සමගින්.දෙන්නව දකින දකින අය දෙන්නා ගොඩක් ගැලපෙන සහකාරයෙක් සහකාරියක් කියල කියන බවත් ඇය කියනව.

” ඇත්තටම කිව්වොත් එයා මාව ගොඩක් තේරුම් අරගෙන ඉන්නෙ.මම ඒකට හරිම කැමතියි.කෙනෙකුට පෙනුමෙන් පේන්නෙ එයා අහිංසක කෙනෙක් වගේ.ඒත් ඇත්තටම එයා ටිකක් දග කෙනෙක්.ඒක ඉවසන්න බැරි තරම්” පහුගිය කාලෙ පුරාවටම දෙන්නගෙම පොටෝ ෂූට් ගණනාවක් සමාජ මාධ්‍ය තුල දකින්න හම්බුනා. ” මම ඇත්තටම රංගනය ගැන කතා⁣කලොත් වැඩියෙන්ම දක්ෂ නර්තනයට .මට තවම ඒ වගේ චරිතයක් හම්බවුනේ නෑ.⁣එහෙම වුනානම් මීට වඩා වැඩ පෙන්වන්න තිබුනා.

එහෙම කියන ධනංජි තමන්ගෙ ආදරය ගැන ගොඩක් විශ්වාස කරන බවත් පවසනවා.” පෙනුමෙන් මම දග වුනාට ඇත්ත⁣ටම මම ගොඩක් සීරියස් කෙනෙක්.ඒත් කලාව එක්ක ඉද්දි යම්කිසි සීමාවක් එක්ක ඉන්න ඔිනා කියන කාරණාව මම තදින් විශ්වාස කරනව.ඒ හින්ද තමයි කෙනෙකුට මම ටිකක් නපුරු චරිතයක් කියල පේන්නෙ” ධනංජි ට අක්කා කෙනෙක් ඉන්නව.අක්කා තමන්ගෙ රංගනය දැකල ඒ දවස්වල ඉදන්ම සතුටු වුනු බවයි ඇය කියන්නෙ