Celebrity Gossip

පළවැනි ප්‍රෙග්නට් වුණ එක හරියට සැමරුවා. ඒ බබා නැතිවුණා නැවත බබෙක් ආවා එයත් ගියා – ශෂිණි සිරිවර්ධන

ශෂිණි සිරිවර්ධන කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණත් ලංකාවේ බොහෝ දෙනාගේ ආදරේ දිනාගෙන සිටින ඉතාම නිහතමානී කාන්තාවක්. ප්‍රවීන දක්ෂ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ ආදරණීය බිරිඳ වන ඇය මේ වන විට මෞර්යා නමින් හඳුන්වන සිඟිති දියණියගේ ආදරණීය මවක්. ඉතාම සාර්ථක බිරිඳක් විදිහට වගේම ආදරණීය මවක් විදිහට සිය වැඩ කටයුතු කරගෙන යමින් සිටින ඇය පසුගිය දිනකදී එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී මව් පදවිය පිළිබඳව ඇගේ ජීවිතයේ ලද කටුක අත්දැකීම් පිළිබඳව සහ තවත් බොහෝ දෑ පිළිබඳව කියල තිබුණ මේ විදිහට.

” ඇත්තටම පළවැනි pregnant වුණ එක අපි හරියට සැමරුවා. ඒ වුණාට ඇත්තටම වුණ දේ අපේ පළවැනි බබා නැතිවුණා. අපි එහෙම වෙයි කියලා හිතුවේ නෑ. මාස කිහිපයක් ඇතුළත නැතිවුණේ. අවුරුදු ගාණක් අපි life එකේ පිටිපස්සට ගියා ඒකෙන්. අපි හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. පස්සෙ හිතුණේ මේක ගොඩක් සීරියස් දෙයක්නේ කියලා. පස්සෙ අපි ප්ලෑන් කරන්න ගත්තා. නැවත බබෙක් ආවා. මොකක් හරි පෙර කරපු පවකට එයත් ගියා. අපි කරන හොඳ දේවල් කියන්න එපා කියනවනේ. සමහර අපි දිහා බලන් ඉන්න හැමෝම ආදරෙන් බලනවා කියලා මම හිතන් නෑ. මම හිතනවා හොඳයි කියලා නොකියා ඉන්න එක. පළවැනි එක නම් හැමෝටම කියලා වුණත් මෞර්යා හම්බෙද්දි කාටවත් කිව්වේ නෑ.

ඒ වගේම මාධ්‍යවේදියා විසින් සිංගල් මාම්ලා ගැන ශෂිණි හිතන දේ පිළිබඳව විමසූ විට ඇය දුන්නෙ මෙවන් පිළිතුරක්.

” කවුරුත් කැමැත්තෙන් සිංගල් මාම් කෙනෙක් වෙන් නෑ. හස්බන්ගේ සපෝට් එකක් නැතුව බබෙක් හදන එක හරි අමාරුයි. එහෙම කෙනෙක් කරනවා කියන්නෙම එයා ශක්තිමත් ගැහැනු කෙනෙක්. අපේ සංස්කෘතියත් එක්ක අපි වෙන විදිහකට යන්නෙ. ඩිවෝස් වෙනවටත් වඩා භයානකයි දෙන්නෙක් රංඩු කරනවා දකිනකොට. විවාහයෙන් වෙන් වෙලා සිංගල් මාම් කෙනෙක් විදිහට ඉන්න එක හොඳයි. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.