Celebrity Gossip

දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17ක්. අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කළේ නැහැ

පුංචි තිරය තුල සිටින අති දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ. ඉතාම නිහතමානී ගති පැවතුම්වලින් සන්නද්ධ ඔහුට ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන් පිරිසක් ආදරය කරනවා. ටෙලිනාට්‍ය තුළ පමණක් නොව සිනමා නිර්මාණ තුළත් දැකබලා ගන්නට ලැබෙන ඔහු වෙළෙඳ දැන්වීම් හරහාත් music videos හරහාත් සිය රංගන කටයුතු කරගෙන යනවා. මීට බොහෝ කලකට පෙර ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු මිලා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වූ ඔහුට මෙම ටෙලි නාට්‍යය තුළින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට පුළුවන් වුණා.

ඒ වගේම ධනංජය සිරිවර්ධනගේ සහෝදරයා වන මධුමාධව අරවින්දත් ක්ෂේත්‍රය හා සම්බන්ධ වී සිටින කලාකරුවෙක් වනවා. ඒ වගේම තමයි ඔහුගේ පළමු බිරිඳ වන නිල්මිණි තෙන්නකෝන් මහත්මියත් රංගන ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන්ගේ විවාහය මේ වන විට නොමැති වුවත් ධනංජය සහ නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ සහෝදර සහෝදරියන් වගේ තවමත් ආදරයෙන් සිටින දෙදෙනෙක්. ඉතිං දිනක් ධනංජය එක් වූ එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක දී නිල්මිණි තෙන්නකෝන් පිළිබඳව පවසා සිටිය මේ වගේ දෙයක්.

” නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ නිළියක්. මගේ අයියගේ පලවෙනි බිරිඳ. ඇය මට නෑනා වුණාට අක්කා වගේ. දැන් නෑකම් නැති වුණාට හිතවත්කම් තියෙනවා. එයා අපේ ගෙදර එද්දී මම ඉස්කෝලේ යනවා. මම හරි පොඩියි. “

ඒ වගේම තමයි ධනංජය මේ වන විට විවාහ විවාහ වී ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම තමයි ඔහු මේ වන විට ආදරණීය දියණියකගේ පියෙක් ද වනවා. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ ධනංජය සිරිවර්ධනව මුන ගැහුන විදිහ ගැන පවසා සිටියේ මේ විදිහට.

” ඒ කාලේ එයා ජනප්‍රිය තරුවක්. නමුත් මම වැඩිය ටීවී බලන්නේ නැති නිසා එයාව ලොකුවට දන්නේ නැහැ. නම අහලා තිබ්බා. එක magazine එකක කතාවකට එයාගෙත් මගෙත් ඡායාරූප ගත්තා. එදා තමයි ඔහුව මුලින්ම දකින්නේ. ඊට පස්සෙ අපි දෙන්නා කතාබහ කළා. ඒ කතාබහ අවසානයේ ආදරයක් බවට පත් වෙලා. අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කලෙත් නැහැ . අවසානයේ අපි විවාහ වුණා . දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17ක් වෙනවා. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය පවුලේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.